දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
කොමල මාණවක
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
Related Products
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
පාළු දූපත
යොවුන් වියේ වීරත්වය, ත්‍රාසය සහ කුතුහලය කැටි වූ අපූර්ව නවකතාවක රසය යොවුන් මනසට කැටුව එන මෙය සාහිත්‍යයෙන් විද්‍යා දැනුම සපයන අපූර්ව නිර්මාණයකි.
අක්කර පහ
සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.
එකෝමත් එක දවසක
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3289d270a85e11e9aa52ed5c2279fa6b” ]
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
කදඅරනි
අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
Tikiri’s Big Trip
This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
Awurudu Thegi
ලෝක ප්‍රකට ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් නිර්මාණය කරන ලද පොතකි. සිංහල අලුත් අවුරුදු දිනෙක දුන් තෑගි පිළිබඳ කතාවක් මෙහි ඇතුළත් වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/04b68140c1ce11eaa765bf46a2e63b36″ ]
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.