Product Tag: yovun katha

yovun katha

Showing all 12 results

Show:
Out Of Stock

අලුත් සර්

Highlights:

තරුණයකු ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කිරීමේ සිට ලබන අත්දැකීම් නවකතාවක් ලෙස මේ කෘතියේ අන්තර්ගත කොට තිබේ. ගුරු ජීවිතය තුළ ඔහු ලබන මිහිරි අමිහිරි අත්දැකීම් පාඨකයාට මේ කෘතිය තුළින් අත්විඳිය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b47ac80fbcd11ea91a95d8b1e054154″ ]

Out Of Stock

අද හරිම සුන්දර දවසක්

Highlights:

කලකට පෙර ප්‍රකාශයට පත් කොට තිබූ මේ කෘතිය නව පෙනුමකින් යුක්තව නිර්මාණය වී යළිත් වෙළඳපළට නිකුත්ව තිබේ. මෙහි ඇත්තේ යොවුන් පාඨක පිරිස් වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි කතා එකතුවකි.

ලෝනා ඩූනය

Highlights:

‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eccd3eb0d91211e9854b8b10114b030f” ]

රු225.00 25% OFF
Out Of Stock

අනූෂ සහ රන්කුමරු

Highlights:

ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5ae41ba0a6ea11e99bb9639650f2981a” ]

Out Of Stock

මල්ලිගේ විත්ති

Highlights:

මල්ලිගේ විත්ති යනු කෙටිකතා පොතකි. නමුත් විශේෂත්වය වන්නේ මෙහි සියලු කතා මෙහි කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් වීමත්, ඒවා එකිනෙකට සම්බන්ධ වීමත්, කාලයත් සමග ඉදිරියට ගලා ගෙන යාමත් ය. හද්දා පිටිසර ගමක පාසලකින් ආරම්භ වන මේ කතා අවසන් වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙනි. ළමා සාහිත්‍යය අතින් දුප්පත් අඩියක සිටින අපේ රටට, ළමා ජීවිතයේ රස මුසු තැන් අලළා ලියන ලද මේ කතා පෙළින් යන්තම්වත් සේවයක් වන බවට සැකයක් නැත. එබැවින් මෙය පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද භාවිත වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b48d92f0b8c811e99c7a9fbebe6601bb” ]

Out Of Stock

මල් හීන

Highlights:

යොවුන් වියේ ආදර පිළිබඳ කියැවෙන නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02e75f10a85011e996bbf7759af11dc4″ ]

Out Of Stock

අපූරු ගමන

Highlights:

අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.

පුංචි වීරයෝ

Highlights:

ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9e38abe0a6cb11e9b822ef98b10d0dbe” ]

Out Of Stock

රාමා සහ දිනූ

Highlights:

දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි. ‍‍

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d53403f0a6c911e9b156ef1499508e50″ ]

දොස්තර පිනී සමග විදෙස් නේවාසිකයා

Highlights:

පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණු යොවුන් නව කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/58c9ee80db5911e99ad97dcd45f26a78″ ]

රු225.00 25% OFF
Out Of Stock

විලාප දෙන ගෙවිපළේ වික්‍රමය

Highlights:

පිටිසර බද පළාතක ගොවිපළක සිදුවන නීති විරෝධී ක්‍රියාවන් හෙළිකරගන්නා දරුවන් පිරිසක් වටා ගෙතුණු වීර වික්‍රම කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7708e220db5811e99c556b639526c9e9″ ]

Out Of Stock

දෙල් ගහ යට පුංචි ගෙදර

Highlights:

අද ළමා පරපුරට අහිමිව ඇති ගම්බද සුන්දර පරිසරය, සිරිත් විරිත්, ජනශ්‍රැතිය, සහජීවනය වැනි අංග ද, වැඩිහිටියන්ට සැලකීම වැනි යහගුණ දම් ද, අංශු මාත්‍රයක් හෝ දැයේ දූදරුවන්ට තිළිණ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2f2d7d00db5511e9a73c55c38a6bfb6f” ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping