Product Tag: Teenagers Romance Books

Teenagers Romance Books

Showing all 10 results

Show:

The One

Highlights:
THE SELECTION changed the lives of thirty-five girls forever. Now, only one will claim Prince Maxon’s heart…

It’s swoon meets the Hunger Games in the third instalment of THE SELECTION series!

For the four girls who remain at the palace, the friendships they’ve formed, rivalries they’ve struggled with and dangers they’ve faced have bound them to each other for the rest of their lives.

Now, the time has come for one winner to be chosen.

America never dreamed she would find herself anywhere close to the crown – or to Prince Maxon’s heart. But as the competition approaches its end and the threats outside the palace walls grow more vicious, America realises just how much she stands to lose – and how hard she’ll have to fight for the future she wants.

The breathtaking third title in THE SELECTION series will make you swoon!

ඌව නම් මිනිසා

Highlights:
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි.

මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්‍යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.

රු2,160.00 10% OFF

ඔබ නැති මා

Highlights:
දිලක්ෂ වෛදයවරයාට ස්තුති කළේය.
වෛදයවරයා සිනහවක් නගාගෙන හිස සලා දැන්
නූර්යට හොදටම හොදයි කීවේය.ඉතින් හරිහැටි
සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ
එහෙමය.අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය.
බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය
මගහැර ගත්තාය. මම සදැල්ලට වී බොහෝ
වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.
එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.
දනිමි.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට
නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම
කාමරයට ඇතුළු වීම්. මේ වේදනාව දැන් ඉතිං
නිමාවිය යුතුය.

අස්ත බන්ධන

Highlights:
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”

අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.

ආදර කියාරා

Highlights:
“…. මම බිමල්ට ගොඩක් ආදරය කල බව
ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන්
පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව
එක ගැන මං දැන් පසුතැවෙනවා. මට
ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා.
එහෙමත් නැත්තම් ආදරය කරන්න
පටන් ගන්නොකොටම ඔයාට කියන්න් තිබුණා.
මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන්
හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ
නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න
බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම
ආදරය කළා.  වෙලාවකට මට
හිතෙනවා මේ මං විදින දුකට වඩා මරණය
සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න
හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට
ආදරය කළා. කළා නෙවෙයි තවමත් ඒ
ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට
හැමදාම ආදරය කරනවා….”

ලෝකෝත්තරයෙක් නොවීමි

Highlights:

දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී.

නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට පත්වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේ නායකයකු බවට පත්වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව ,තම ජීවිතයෙන් සංතෘප්තියක් ලැබූවකු පිලිබඳ පුවතකි.

නාරි

Highlights:
පොළෝ ගැබ සාරය කැටි කර ගත්
තේ දල්ලක හරිත පැහැය
දහදිය කදුලින් වඩාත් රසවත් වන කොදෙව්වක
ප්‍රේමය,භීතිය හා සන්ත්‍ර්‍රාසය මුසු පාරාදීසයක
කාන්තිමත් සූර්‍ය රශ්මියෙන්
විකසිත වූ දෙහදක ස්නේහය
නිල්වන් නෙත් සගලක් තුළ නිදන් වූ වගයි.
Out Of Stock

නෙත් පත් තැන්

Highlights:
එම සොදුරු සිහිනය ඇරඹුමේ සිටම
විශ්වයත් සමග මගා සබැදියාවක් පැවතියේ
නොවේදැයි චමින්ද සිහිපත් කළේ
නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත්
පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්‍රියක ගල්ලෙන
ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය.
මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය
කුසට ඇතුළු වනු සිහිනයෙන් දුටු ලෙසින්ම
පත්මා ද නයෙකු සිහිනයෙන් දැක තිබිණි.
ඉනික්බිතිව දිගින් දිගට නයින් සිහිනයෙන්
දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා
බිය වූවාය.

ආදරණීය විරුවාණනී

Highlights:

පණ ගැන බියක් නැත පුපුරන වෙඩිලි මැද බිහිසුණු යුද වදිමි රුපුසෙන් මැදට වැද මට ඇති එකම බය ඔබෙ ආදරය ලද අහිමිව යාම පමණකි මගෙ සොදුරු ළද.

මීදුම

Highlights:
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්‍ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….

 

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping