Product Tag: Teenage Fantacy Novels

Teenage Fantacy Novels

Showing all 2 results

Show:

ඌව නම් මිනිසා

Highlights:
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි.

මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්‍යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.

රු2,160.00 10% OFF

සයුරු කුරුල්ලෝ

Highlights:
 තෙදිනක් පුරාවට එක සීරුවට ඇද හැලුණු වර්ෂාවෙන් පසුව හිරු එළිය පොළවට පතිත වුයේ කම්මැලිකමිනි. එහෙත් තෙතබරිත පරිසරය උණුසුම් කරන්නට එම හිරු එළිය සමත් විය.
මාතර වෙරළ තීරය පාළුවට ගොස් තිබුණේ එම කාලගුණය විනෝදකාමීන්ට පිටතට පැමිණීමට ආරාධනා නොකළ නිසාය.
ඕෂධී බංකුවක වාඩි වී මුහුද දෙස බලා සිටියාය. ඇගේ හොදම මිතුරිය නටාෂාගේ පෙම්වතා වන බිමල් සේවය කළේ මාතර නගරයේය. සමහර සති අන්තවල ඔහු නටාෂා දැක බලා ගැනීමට කොළඹට පැමිණි අතර, ඇතැම් දිනෙක නටාෂා ද මාතරට පැමිණියාය. ඇගේ තනි නොතනියට පැමිණියේ ඕෂධීය.
ඇගේ තනි කර, නටාෂා හා බිමල් කතා කරමින් වෙරළ තීරය දිගේ ඇවිද ගියත් ඕෂධීට පාළුවක් නොදැනිණි. මුහුදට බොහෝ සේ පෙම් කළ ඇයට එදෙස බලාගෙන පැය ගණනක් වුව කම්මැලිකමකින් තොරව සිටින්නට හැකියාව තිබිණී. වේලාව උදෑසන එකොළහ වුවත් තද අව් රශ්මියක් නොමැති වීම ගැන හිරුට ස්තූතිවන්ත වූ ඇය බංකුවෙන් නැගිට සෙමින් රළ බිදෙන සීමවට ළං වූවාය.
ඇද සිටි ඩෙනිම් කලිසමේ කකුල් දණහිස තෙක් නමා ගත් ඇය මුහුදු රළට ඇගේ දෙපා සෝදාගෙන යන්නට ඉඩ දුන්නාය.වර්ෂාව නිසාවෙන් මුහුදු රළ චණ්ඩ වී තිබිණි.රළ පහරක් වෙරළට පැමිණ මුහුදට ගියේ ඇගේ නමා තිබු කලිසම ද තෙමාගෙනය. ඇය තනිවම සිනාසෙමින් රළ බිදෙන සීමාව ඔස්සේ සෙමෙන් ඉදිරියට යන්නට වූවාය.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping