මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි;
ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.
ද්‍රෝහියා…?
මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට ,
අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි.
මේ වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටාප්‍රාප්තියයි;
දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විදිමින්
පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.
මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම,
කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.
‘දෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද , කොතැන දී ද
කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය
පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට
ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න
මට සිදු නොවනු ඇතැයි මම සිතමි.
මේ ප්‍රහේලිකාව සකස් කරන්න මා වන මුත්,
එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි. |