Product Tag: Sudu

Sudu

Showing all 3 results

Show:
Out Of Stock

සුදු ගෝනා

Highlights:

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

සුදු වැද්දා

Highlights:

“අර අසරණ තරුණිය නාලිනිට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම ඇය රැක බලා ගන්නම් “මඳ වෙලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඩහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” “බොහෝම ස්තුතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ “

Out Of Stock

සුදු අන්තුවා

Highlights:

රතු පිට පිටම හත්වරක් ජයගත් බව දුටු මම වුවමනාවෙන්ම එයට ඇලුනෙමි. මගේ මානය නිසා මවිසින් එසේ කරන ලදී. මගේ අවදානම් ක්‍රීඩාවෙන් නරඹන්නන්ගේ සිත් මා දෙස යොමු කරවීමට මට වුවමනා විය. අහෝ පුදුම සංවේදනයකි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping