Product Tag: Sinhala Novel

Sinhala Novel

Showing all 4 results

Show:

අමුතු තාලේ ආදර කතාවක්

Highlights:

අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.

තනි මිනිසා

Highlights:

ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් ගුණසේන සමාගම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම නවකතාව ‘තනි මිනිසා’ වේ. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරණ ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය.

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/486560a0b6a811ea928cd7b158fb3ca3″ ]

ගොදුරු

Highlights:

“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping