ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවාගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිම කළ සිතුවම් තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.
පළේ එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්විය හැක.එය විවහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවිය පිලිබද පුළුල් විවරණයක් දෙ වේ.