එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
අන්ධයා සහ සුරුට්ටු න්‍යාය
බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.
”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”
අමාරුකාරයා ද අත්හැරියේ නැත.
”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”
”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”
නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.
”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”
”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”
බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.
අකුරු-කතන්දර-1
ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක
ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු
අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ
නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.
පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා
පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග
කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ
ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා
ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු
මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය
කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්
සිදුවන බැවිනි.
දුලානි ද අල්විස්
අකුරු කතන්දර 2
ගුරුවරුන් දෙමාපියන් හා ළමුන්ද සම්බන්ධ කර ගනිමින්
කරන ලද පරික්ෂණාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස
මෙම පොත සකස් විණි.
පැරණි හා නවීන ඉගෙන්වීම් ක්‍රම සංකලනය කර ගනිමින්,
ගොඩනැගුණු ක්‍රියාදාමයක් ඔස්සේ දරුවාට වෙහෙසකර
නොවන ප්‍රීතිමත් ව්‍යායාමයක් ලෙස භාෂාව ඉගනීමට
අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.
දුලානි ද අල්විස්