ගුත්තිල කාව්‍යය ( 91-317 පද්‍ය )
ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.
ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.
සාමාන්‍ය පෙළ සරල සිංහල භාෂා භාවිතය
සිංහල භාෂාව ප්‍රමිත ආකාරයෙන් ලේඛන ගත කිරීමේ ශික්ෂණය සීඝ්රාකාරයෙන් ඈත්ව යන බවක් පෙනේ ජාතියක අනන්‍යතාව රැක දෙන භාෂාව නිවැරදිව පරිහණය කිරීමේ ලක්ෂණය අභාවයට ගිය කල්හි එම අදාළ ජාතිය අසංස්කෘතික බවට පත්වේ. එබැවින් සිංහලයන් සතුව ඇති භාෂාව මනාව පරිහරණය කිරීමට සැලැස්වීම මෙවක අත්‍යවශ්‍ය ව පවතී.
සංදේශ විවරණය
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍යයන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළීබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සෙංවේදී සංජානනය පළ කරයි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිතයා
“නීති සම්පාදනය කරනු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. දේශපාලන දාර්ශනිකයන් විසින් නොවේ. දේශපාලනඥයෝ ජන්දය සඳහා ඇල්මක් දක්වති” යන ප්‍රකාශයෙන් නීති සම්පාදනය කරනු ලබන අය හෙවත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් යනු ජන්දයෙන් පත්වන කෙනෙකු බවත් දේශපාලන දාර්ශනිකයින් නොවුනත් නීති සම්පාදනය නමැති උත්තරීතර වගකීම පැවරෙන පිරිසක් බවත් කිය වේ.