Product Tag: roland abeypala

roland abeypala

Showing all 5 results

Show:

ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය

Highlights:

ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්‍රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනාවරණ ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශයින්ම වැදගත් වේ. පියාජේගේ චින්තනය පිළිබද ලොව පුරා විවිධ බසින් පොතපත දහස් ගණන් ලියැවී ඇත. එකී පියාජේ සාහිත්‍යයේ සිංහල මාධ්‍ය අල්පමාත්‍රය අතර මෙය නවතම කෘතිය වශයෙන් හදුන්වා දිය හැක්කේය. මෙහි පියාජේ පිළිබද සමස්තය අන්තර්ගත නොවුව ද ගුරුවරුන්, පාඨමාලා විද්‍යාර්ථින් හා දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් උදෙසා අවැසි සංක්‍ෂිප්තය අන්තර්ගත වේ. සරල බසින් ලියා ඇති බැවින් කාටත් කියවා තේරුම් ගතහැකි වීම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයකි.

Out Of Stock

අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

Highlights:

“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.

ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

Highlights:

ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්‍රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.

අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

Highlights:

අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්‍යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.

පශ්චාත් නූතන උපදේශනය

Highlights:

විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්

එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද

එහි ප්‍රතිඵලයකි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping