Product Tag: PRATHIBHA PRAKASHANA

PRATHIBHA PRAKASHANA

Showing all 2 results

Show:

සමුගැනීමක් නොවේ

Highlights:

ඓතිහාසික ශිලා ස්මාරක පිහිටි භූමියෙහි වැටි තිබී හමු වු
වෙඩි වැදුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුර කෝන්වෝල්හි
පිහිටි මුලික රෝහලක් කරා රැගෙන එන විට වේලාව රාත්‍රි
නවයට ආසන්න ව පවතින්නට ඇත.ඔවුන් රෝහල කරා රැ
ගෙන විත් තිබුණේ එම ප්‍රදේශයේ ගොවිතැනෙහි නියතුව සිටි
ඩේමියන් නම් තැනැත්තෙකු විසිනි. නොපමාව ඔවුන්ට වෛද්‍ය
ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ ද ඉන් එක් අයෙක් රෝහලට
රැගෙන එන විට ද ජීවතුන් අතර නොසිටියේ ය. වෛද්‍යවරුන්ගේ
කැපවීම හේතුවෙන් අනෙක් තැනැත්තාගේ දිවි රැක ගැනීමට
හැකියාව ලැබිණි.

කෙසේ වෙතත් පොලීසියට මෙය ප්‍රහේලිකාවක් විණි. වෙඩි
තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක්
මෙතෙක් ඔවුන්ට නොලැබිණි. එහෙයින් ප්‍රකාශයක් සටහන්
කර ගැනීමට තුවාලකරුට සිහිය ලැබෙනතුරු සිටීමට පොලීසියට
සිදු විය. එකී අවස්ථාව එළඹුණේ තවත් හෝරා තුනකට
පමණ පසුව ය.

අබිරහස් දේවගැතිවරයා

Highlights:

නිද්‍රාජනක ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් සිය සයනයෙහි දි ම සාමකාමි අන්දමින් මිය ගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත්‍රික් නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වු ඩග්ලස් සෙල්බි, එම මරණය පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය පිළිබඳව දන්වන හෙතෙම,ඇය මෙඩිසන් නගරයට කැඳවයි.මියගිය පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ්‍ය ඝාතනයක් විය යුතු බවට සෙල්බි ප්‍රත්‍යක්ෂ කර ගනියි. මියගිය දේවගැතිවරයා කවරෙක් ද? ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? ඒ කවරෙකු විසින් ද? මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත්‍රික් නීතීඥවරයා සමත් වේ ද? මේ,මේඩිසන් නගරයේ ආක්‍රමණශිලී, තරුණ දිස්ත්‍රික් නීතීඥවරයා පිළිබඳ පළමු වන කතාවයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping