Product Tag: prabanda

prabanda

(Showing 31 – 52 products of 52 products)

Show:
Out Of Stock

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ David Copperfield නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/89c626f0ee5111e9b4e8a35acee02311″ ]

ළමා කොල්ලය

Highlights:

19 වැනි සියවසෙහි විසූ ශ්‍රේෂ්ඨ කතුවරයකු වූ ආර්.එල්. ස්ටීවන්සන් විසින් රචනා කරන ලද කෘතීන් අතරින් ඉහළින් වැජඹෙන් ‘ද කිඩ්නැප්ඩ්’ නවකතාවේ සිංහල පරිවර්තනය “ළමා කොල්ලය” නමින් ප්‍රකාශයට පත් ව තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/be05c850a85111e9980d9311c2b89528″ ]

රොබින්සන් කෲසෝ

Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3de59e20a84911e9b6e82364c547b6c6″ ]

Out Of Stock

අලුත් නැන්දම්මලා

Highlights:

තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d90cb750b33d11e984178b11299445ae” ]

රු150.00 25% OFF

දුවකගේ කඳුළු

Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]

Out Of Stock

ගස් මිනිස්සු

Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cfc6e00e05711eabefb2d8d4968d702″ ]

බිසව් සීගිරි

Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]

Out Of Stock

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3fbdc5a0adf211e98c47d712d18b7afd” ]

රු240.00 25% OFF

මහා වියවුල

Highlights:

සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්‍රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e60f2a70ae8911e9a0b4ef1820f9fde2″ ]

යහපත් යාත්‍රිකයා

Highlights:

කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b03ee10a84211e9bf7d9d0bde139afa” ]

රු292.50 25% OFF
Out Of Stock

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]

Out Of Stock

ඇදහිය නොහැකි සත්‍ය කතා

Highlights:

එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/db6d3130f6f011e98eb02d228902ea60″ ]

Out Of Stock

ගීයක සැඟවුණු ඇත්ත

Highlights:

ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්‍ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cf64d820f19c11e986b62b0fbf28b74e” ]

විනිවිඳින සිතිවිලි

Highlights:

‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6ed3f50ad3d11e9a5ce27e481854e67″ ]

රු337.50 25% OFF
Out Of Stock

හෙදියකගේ නොදුටු දින පොත

Highlights:

සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02abdf20a85b11e9a866219a0887fca4″ ]

Out Of Stock

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]

Out Of Stock

කුලීකාර කතා වස්තුව

Highlights:

සිංගප්පූරුව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සමයේ එරට පැවති සමාජ ක්‍රමය පිළිබිඹු කරමින්, සත්‍ය කතාවක් අනුසාරයෙන් ලියැවුණු නවකතාවක සිංහල පරිවර්තනයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6956ba0a85711e9915e8553910ef78c” ]

Out Of Stock

සෙනෙහසක උරුමය

Highlights:

එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/57b1f070a84411e9908b2f7e06caad05″ ]

හර්කියුලිස් සහ වෙනත් කතා

Highlights:

ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.

ගම්මානේ අපි

Highlights:

ගම්මානයක ජීවත්වන කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුණු නවකතාවකි. වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට උදව්වෙමින් සමගියෙන් ගමක ජීවත්වන ආකාරය මෙයින් කියැවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/37ad98b0aea211e9a82c9fa156a21d0f” ]

Out Of Stock

ගලිවරය

Highlights:

කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.

ආදරණීය මාක්ස්

Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/27d90300dc5a11ea86b29f1909b6d02a” ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping