ශෙනායා තමා ඉදිරියට එන කඩවසම් තරුණයා දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ දෙනෙත්වල වූයේ වෙනස්ම පැහැයකි. කුස්සියේ වූ විදුලි එළි නිසාවෙන් එහි පැහැය හඳුනා ගන්නට නොහැකි වුවත් එම දෑස් බොහෝ සුන්දර විය. මෙතරම් තරුණ ප්‍රධානියෙකු ඇය බලාපොරොත්තුවෙන් නොසිටියාය. සමීර ද ඔහු දෙස නෙත් දල්වාගෙන බලා සිටියේ ඇය සේම පුදුමයෙන් වග ඇයට වැටහිණි.“හායි ගයිස්, අයෑම් සසිඳු සිත්මල්.. සූ චෙෆ්.. වෙල්කම් ටු ද මේන් කිචන්..”ඔහු තමාව හඳුන්වා දෙමින් දකුණත, ශෙනායා වෙතට දිගු කළේය. කමිසයෙන් අඩක් විවරව තිබූ ඔහුගේ දකුණත වැසී තිබුණේ වර්ණවත් ටැටූවලිනි.“හා.. හායි.. අයෑම් අසලි ශෙනායා..”ඇය අපහසුවෙන් හඬ අවදි කර ගනිමින් අතට අත දුන්නේ ඔහුගේ අත දෙස බලාගෙනමය.