පතිනියක වී
“අනේ මං මැරෙයිද..?”
භාවනාගේ කටින් ඒ වචන පිට වුණේ ඇස් අගිස්සෙන්
අලුත් කදුළු පේළියක් කඩන් වැටෙද්දියි. ඒ වචනවලින්
වැඩියෙන්ම පෑරුණේ සිතිජගේ හිත. හුස්ම ගන්න බැරි
ගානට කවුදෝ පපුව ඇතුළට අත දාලා පෙනහළු දෙකම
මිරිකලා අල්ලගෙන ඉන්නවා වගේ සිතිජට දැනුණා.
ඒත් ඒ දුක කොහොමද දෙයියනේ භාවනාට පේන්න පිට කරන්නේ..?
විසිරුණු හීනයක්
“මට කවදාවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්න එපා කියලා
ඔයා ඒ කාලෙම සාප කරන්න ඇති. එහෙම කළත් මම පුදුම වෙන්නේ නෑ..
මම ඔයාට කරපු වැරැද්ද ඒ තරම්ම බරපතළයි… කෙනෙක්ගේ විශ්වාසය
කඩනවා තරම් ලොකු පවක් මේ ලෝකේ කොහෙවත් නෑ..විශේෂයෙන්ම ඇස් වහගෙන අපේ වචන විශ්වාස කරපු කෙනෙක්ගේ..
ඒත් ඔයාට මම දුන්න ගින්දර දවසක මටත් පත්තු වෙයි කියලා එදා හිතුණේ නෑ..
ඒ කාලේ මම ඔයාට කරපු දේවල්වලට දෙයියෝ මට දඬුවම් දුන්නා.. ලස්සනට දුන්නා.. ඒ හැන්දෙන්ම ඒ විදියටම දුන්නා.. පුලුවන් දවසක මට සමාව දෙන්න.. ඒත් ඒ පව් මට ගෙවාගන්න බැරි වෙයි මේ ආත්මෙදි.. මං මහා පවුකාරයෙක් අපර්ණා..”
තිමිර ඔහේ කියවන් ගියා. අපර්ණා ඒ මුහුණ දිහා බලන් හිටියා. ඒ ඇස්වල ලාවට කඳුළුවල ජායාවක් පේනවා. ඒ කදුළු වැටෙන්න නොදි හිරකරගන්න තිමිර උත්සහ කරනවා කියලත් පැහැදිලිව පේනවා. ඒත් අපර්ණා මුකුත් නොකියා තිමිර දිහා බලන් හිටියා.
“කරපු පව් ගෙවෙන්නම ඕනේ.. දුන්න දුක උඹ විදින්නම ඕනේ.. හංඟන්න එපා ඔය කදුළු..අඬපන් උඹ .. මට පේන්නම අඬපන් තිමිර.. උඹ අඬන්න ඕනේ මට කරපුවා මතක් කර කර.. මට සැනසීමක් ලැබෙන්නේ එතකොටයි”
අපර්ණාගේ හිත තමන්ටම කියාගත්තා. වැරදිලාවත් තිමිර වෙනුවෙන් මොහොතකට හෝ උණු වෙන හිතක් අපර්ණා ගාව තිබුණේ නෑ.