” මේක වෙන්නේ නෑ රාහුල්…”
මොහොතකට පියවි ලෝකෙට ආව පූජා රාහුල්ගේ තොල්වලින් මිදිලා එහෙම කිව්වා. රාහුල්
ආපහු පූජාගේ මුහුණ තමන්ගේ අත් දෙකට මැදි කරලා අල්ලාගත්තා.
“අනේ රාහුල්.. තේරුම් ගන්නකෝ.. අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ..
අන්නා අපි දෙන්නාව නිකන් අතහරින්නේ නෑ.. ඔයා සිංහල කොල්ලා.. මම තමිල් කෙල්ල..
ඔයාගේ අප්පා අම්මා කැමති වෙන්නේත් නෑ .. දවසක අපි කසාද බැන්දා..
අපේ අනාගතේ ප්‍රශ්න තමා එනවා.. මේ ආන්නකො..
පූජාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තේ නතර කරගන්න බැරුව. තමන්ගේ හිතේ තියෙන
ආදරේ තමන්ගේ ඇස් ගාවම තියෙද්දි ඒ ආදරේ තමන්ගේ කරගන්න බෑ කියලා දැනෙද්දි
පූජාගේ හිත කොහොම ඒක වාවන්නද…?