රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ
ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.
හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.
එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,
රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?
අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?
ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?
බිඳුණු මන්දිර
කේට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිදු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදූ වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟූ ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම. ̈චිත්‍රපටයක්” නිසා විනාශ වී යනු ඇතිද?
රජවරුන්ගේ ශාපය
කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු
මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද
ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු
ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්
සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා
භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ
නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය
කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට
පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී
ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම්
ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද…?
1408 සහ තවත් කතා
ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන් ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද ? මා කියන්නට ගියේ… ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකු නම් නිදාගන්නට ඇතිදැයි ඔබට සිතෙන්නේ නැද්ද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙකු නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කීදෙනෙකු උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙකු ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන. අවසන් වතාවට එහි ජේදයක් දෙකක් කියවා ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?
ඒ කොයි හැටි වෙතත්… ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වී සිතිය යුතු එක් කාරණයක් ද ඇත.මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.