Product Tag: music

music

Showing all 4 results

Show:
Out Of Stock

නරි බෑනා

Highlights:
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්

තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්

නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්

Highlights:
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්‍රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ.

මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්‍රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.

සංගීතය – ගුණසේන Q & A 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers –  සංගීතය 2016 – 2017  සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

රු150.00 25% OFF
Out Of Stock

මලක් වුණේ ඇයි නුඹ මට

Highlights:

ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping