නාඩි ජ්‍යොතිෂ පද්ධතිය
කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.
සෙත්කවි කලාව
සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.
සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍යර්
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.
මහා යන්ත්‍ර ශ්‍රෙණිය
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්‍රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.
පාරම්පරික කෂාය ප්‍රකරණය
විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්‍යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂකර ගනිත්වා!
ආසව -අරිෂ්ට විඥානය බස්න හා රසායන සහිත යි
ආසව අරිෂ්ට බස්න සම්පාදනයේ දී වස විෂ වර්ග ද ගැනේ. වෛද්‍යවරු නම් විෂහරණ විධි දනිති. එක නමට ඇති ඖෂධ වර්ග ගණනාවක් ඇති තැන යෝගයට සුදුසු ඖෂධය තෝරා ගැනීමට ද කෘතහස්ත උගත් වෛද්‍යවරු දනිති. ඔවුන් ගේ ඒ ක්‍රියාව ලොවට වැඩද්‍රයක ය.
වෛද්‍ය ජිවනය
වෛද්‍ය ජිවනය ලෝලිම්බරාජ පඬිවරයාගේ නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදය
යන්ත්‍ර චින්තාමණි
ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්‍රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.
පැරණි පීනස වෙද පොත
පැරණි පීනස් වෙද පොත : පහතරට පැවිදි වෙද පරපුරක වට්ටෝරු ඇතුලත් උපග්‍රන්ථයක් සහිතයි
ශ්‍රී නාගභට්ටාචාරීන් ගේ කාමරත්නය
කාමරත්නය සියවස් ගණනාවකට උඩ දී භාරත දේශයේ විසූ ශ්‍රී නාගභටට නම් බ්‍රාහ්මණ පඬිවරයකු විසින් සකුබසින් ලියන ලද්දකි. මෙය පෙරදිග වැස්සාට දිනපතා ජිවිතයට අත්‍යවශ්‍ය වැදගත් දැයින් සපිරුණු ග්‍රන්ථයකි.