Coupon code applied successfully.
Highlights:
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
Highlights:
සිතියම්කරණය පිළිබඳ සාරගර්භ කරුණු සහ අවකාශීය තොරතුරු අන්තර්ගත කොට නිර්මිත ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පොතකි. භෞතික, සමාජ ආර්ථික, දේශපාලන කරුණු පිළිබඳ නිවැරදි හා නවතම දත්ත ඇතුලත් ය. සිතයම්කරණය පිළිබඳ ලොව ප්‍රකට එංගලන්තයේ ජෝර්ජ් පිලිප් සමාගමේ නීත්‍යානුකූල අවසරය ඇතිව සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් සිංහල බසට පෙරළා ඉහළ ගුණත්වයකින් යුක්තව මේ සිතියම් පොත සම්පාදනය කොට තිබේ.
Highlights:
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]
Highlights:
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
Highlights:
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්‍රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.