Product Tag: M.D. Gunasena

M.D. Gunasena

(Showing 331 – 360 products of 725 products)

Show:

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදහන් වූ මනාලිය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of Noble Bachelor හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/41d3de90a14c11e991357ddb46b83260″ ]

රු37.50 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් වලාගත් මනාලයා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Case of Identity හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘වෙස් වලාගත් මනාලයා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය විවාහ දිනයේම සැමියා අතුරුදහන් වූ බව පවසමින් එක් කාන්තාවක් ෂර්ලොක් හොම්ස්ගෙන් උදව් ඉල්ලා පැමිණෙයි. හොම්ස් සිය පරීක්ෂක සඟයා වූ වොට්සන් සමග එක්ව මේ ගැටලුව විසඳන ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77b08c90a13611e9a8153baef08d0b1a” ]

Out Of Stock

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනීමරු රෝගියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Resident Patient හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a4918470a14b11e98644b95e5cd32ab6″ ]

රු75.00 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනිස් කොටියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන Wisteria Houseහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/24744fa0a14b11e9afc047fa9f6f07a5″ ]

රු75.00 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රන් කොල්ලයේ වන්දිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Boscombe Valley Mystery හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘රන් කොල්ලයේ වන්දිය’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. රන් මංකොල්ලයක සම්බන්ධ එකිනෙකාට සතුරු දෙදෙනෙකු කලකට පසුව හමුවන අතර එය අවසන් වන්නේ එක් අයකුගේ මරණයෙනි. නමුත් මරණයට හමුවන්නේ වෙනත් පුද්ගලයෙකි. හොම්ස් සිය නුවණ මෙහෙයවා සැබෑ අපරාධකරු සොයා ගනියි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2fe3030a14a11e98fbedd5017f916e4″ ]

රු56.25 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අද්භූත වාසනාව

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Three Garridebs හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7d746630a14611e9b242a5b484a35c0e” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණයෙන් පිබිදුණු සුන්දරිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Three Garridebs හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘අද්භූත වාසනාව’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සොරෙන් මුදල් මුද්‍රණය කරන්නට ගොස් ෂර්ලොක් හොම්ස්ගේ විමර්ශන හමුවේ අතට හසු කරගන්නා ප්‍රකට හොරකු පිළිබඳ කතාවක් මෙයින් කියවේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b49ff840a14811e9a11ca92d66e41b07″ ]

රු75.00 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – නිල් පද්මරාගයේ අභිරහස

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Blue Carbuncle හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ නිල් පද්මරාගයේ අභිරහස’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ප්‍රසිද්ධ සිටුවරියකට අයත් වටිනා මැණිකක් අතුරුදහන් වෙයි. මේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට නොලැබෙයි. මේ අතරේ මැණික සොරකම් කළ තැනැත්තා පාත්තයකුට මේ මැණික ගිල්වයි. නමුත් ඔහුගේ උපාය වැරදී යයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d194e280a14711e994a6119ecd36dc2d” ]

රු56.25 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – හොර කාසි මැෂිම

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Engineer’s Thumb හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0982d210a14711e9acd4493c9aeb073d” ]

රු75.00 25% OFF
Out Of Stock

ඇදහිය නොහැකි සත්‍ය කතා

Highlights:

එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/db6d3130f6f011e98eb02d228902ea60″ ]

Out Of Stock

ගීයක සැඟවුණු ඇත්ත

Highlights:

ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්‍ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cf64d820f19c11e986b62b0fbf28b74e” ]

Out Of Stock

මල් හීන

Highlights:

යොවුන් වියේ ආදර පිළිබඳ කියැවෙන නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02e75f10a85011e996bbf7759af11dc4″ ]

විනිවිඳින සිතිවිලි

Highlights:

‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6ed3f50ad3d11e9a5ce27e481854e67″ ]

රු337.50 25% OFF
Out Of Stock

හෙදියකගේ නොදුටු දින පොත

Highlights:

සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02abdf20a85b11e9a866219a0887fca4″ ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ගුප්ත බාප්පා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Speckled Band හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ගුප්ත බාප්පා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය ඥාති දියණියන්ට අයත්ව ඇති දේපළ තමා සන්තක කර ගැනීමට සිතන එක්තරා පුද්ගලයකු යොදන දුෂ්ඨ උපක්‍රමයක් වටා මේ කතාව ගෙතී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a1b56a609d7411e9967ec9d1f9cb954b” ]

රු75.00 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ඇඹරුණු තොල් ඇත්තා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Man with the Twisted Lip හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ ඇඹරුණු තොල් ඇත්තා ’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. තමන් ජීවත්වන ප්‍රදේශයෙන් බොහෝ දුරින් ඇති ලන්ඩන් නගරයට ගොස් විකෘති මුහුණක් ඇති අයකු ලෙස වෙස්වලාගෙන සිඟමන් යදින පුද්ගලයකු වටා මේ කතාව ගෙතී තිබේ. ඔහු හදිසියේ අතුරුදහන් වීම නිසා ඔහුගේ බිරිඳ ලන්ඩනයට පැමිණෙන අතර එහිදී ඇය ඔහුව අහම්බෙන මෙන් දකී. එතැන් පටන් ඇරඹෙන්නේ අබිරහස් ක්‍රියාදාමයක ආරම්භයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/06eb1280a14f11e99b19ed79b019043d” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් දොඩම් ඇට

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Five Orange Pips හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ අභිරහස් දොඩම් ඇට’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. පසුගිය සියවසේ මුල් භාගයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ක්ලූ-ක්ලක්ස්-ක්ලෑන් නම් රහස් සංවිධානයට අයත් රහස් ලිපිගොනු සම්බන්ධව සිදුවන අබිරහස් මරණයක් වටා මේ කතාව ගෙතී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4bb8c400a13f11e9bcce6b1608fc48ac” ]

රු75.00 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රතු ඔළු මිනිස්සු

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Red-Headed League හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රතු ඔළු මිනිස්සු’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එක්තරා අපරාධයක් සිදුකරන්නට රතු කෙස් ඇති නිවාස හිමියකු සිය නිවසින් ඈත් කොට තබන්නට අපාරධකරුවන් යොදන උපක්‍රමයක් වටා මේ කතාව ගෙතී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1ca93280a14d11e98a55439143b3cd7a” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – සැඟවුණු රැජින‍

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Scandal in Bohemia සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘සැඟවුණු රැජින’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. බොහෙමියාව හෙවත් වර්තමාන් ජර්මනියේ සිට එක් රජකු තාමට සිදු වේ යැයි සිතූ අපවාදයකින් ගැලවී යාම සඳහා ෂර්ලොක් හොම්ස්ගේ පිහිට පැතූ ආකාරයට මේ කතාවෙන් ඉදිරිපත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/761bdba0a14d11e9b633ff3270142b20″ ]

Out Of Stock

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]

සැමීගේ කතාව

Highlights:

ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eb8ea060feb711e9a627db54abbe43cc” ]

Out Of Stock

කුලීකාර කතා වස්තුව

Highlights:

සිංගප්පූරුව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සමයේ එරට පැවති සමාජ ක්‍රමය පිළිබිඹු කරමින්, සත්‍ය කතාවක් අනුසාරයෙන් ලියැවුණු නවකතාවක සිංහල පරිවර්තනයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6956ba0a85711e9915e8553910ef78c” ]

Out Of Stock

සෙනෙහසක උරුමය

Highlights:

එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/57b1f070a84411e9908b2f7e06caad05″ ]

Out Of Stock

රතු රෝස මල

Highlights:

සිංහල කෙටිකතාව පෝෂණය කිරීමෙහි ලා කැපවුණු නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සුවිශේෂී භූමිකාවක් වෙයි. ඔහු කෙටිකතාවේ වස්තු විෂය මෙන්ම ආකෘතිය, චරිත නිරූපණය අතින් ද නව දිශානතියක් පිළිබඳ අධ්‍යයනය කළේ ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b859b3d0cdf911e99f8a750881b2898b” ]

සාර භූමි

Highlights:

පර්ල් එස. බක් නම් ඇමරිකානු කතුවරිය විසින් ‘ගුඩ් අර්ත්’ නමින් නිර්මාණය කරන ලද මෙම කෘතියට 1932 වසරේ දී පුලිට්සර් සම්මානය ද, 1938 වසරේ දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ද හිමි විය. වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙලූ තියුණු බැල්මක් වැනි ය.

තුන් වසර

Highlights:

ඉංග්‍රීසි බසින් Three Years නමින් හැඳින්වෙන කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි. ඇන්ටන් චෙකෝෆ් විසින් නිර්මාණය කරන ලද දෙවැනි විශාලතම නවකතාව වන මෙයින් එවක රුසියානු සමාජයේ පැවැති සමාජ ප්‍රගතිය ඍණාත්මක දෘෂ්ටි කෝණයකින් බලයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/42ecc5e0a12911e991f51feea583ea8b” ]

ඇනා කැරනිනා

Highlights:

ඇනා කැරනිනා යනු ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත කෘතියකි. සාර් රජවරුන් රුසියාව පාලනය කළ 1870 වැනි සමයක ලියැවුණු බැවින් මෙහි චරිතවලින් බොහොමයක් ධනවක් පැලැන්තියට හා රජවරුන්ට අයත් වේ. එම සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නට ද මෙයින් මහඟු පිටිවහලක් ලැබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/75bf3ac0aea511e9875b33cd6d1746a1″ ]

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/486560a0b6a811ea928cd7b158fb3ca3″ ]

අක්කර පහ

Highlights:

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.

රු450.00 10% OFF
1 2 10 11 12 13 14 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping