Product Tag: M.D. Gunasena

M.D. Gunasena

(Showing 301 – 330 products of 725 products)

Show:
Out Of Stock

නස්රුදීන්ගේ අපූරු කතා

Highlights:

නස්රුදින් ගැන දැනට ප්‍රකටව පවතින බොහෝ තොරතුරුවලින් කියැවෙන්නේ වර්තමාන තුර්කියේ එක්ෂෙහිර් පළාතේ සිව්රිහිසාර්හි හෝටු ගම්මානයේ උපන් අයකු බවය. ඒ 13 වැනි සියවසේදීය. ඔහු එක්ෂෙහිර්වල පදිංචිව සිට පසුව සෙල්යුක් පාලන සමයේ කොන්යා නගරයේ පදිංචියට ගිය බව සඳහන් වෙයි. ලෝකයේ බොහෝ රටවල විවිධ නම්වලින් නස්රුදින්ගේ කතා පළ වී තිබේ. මෙහි ඇතුළත් වන්නේ ද නස්රුදින්ගේ තවත් කතා එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/586d0cd0addb11e9bbde516b65a56cd6″ ]

Out Of Stock

නස්රැදින් සහ නෑයෝ

Highlights:

අප ප්‍රකාශනයක් ව පැවැති ‘නස්රුදින් 2‘ කෘතිය නව මුහුණුවරකින් ‘නස්රුදින් සහ නෑදෑයෝ‘ නමින් අලුතින් ප්‍රකාශයට පත් වී තිබේ. පෙර කෘතියේ නො තිබුණු නස්රුදින්ගේ කතා මෙන්ම එ සමයෙහි ජීවත් වූ වෙනත් පඬිවරුන්ගේ උපමා කතා ද මෙයට ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම කෘතියෙහි අන්තර්ගත කතාවල ඇති විශේෂත්වය වන්නේ ඒවා හුදෙක් හාස්‍ය කතා ලෙසින් පමණක් කියවා බැහැර කළ නොහැකි වීමය. මේ සෑම කතාවක්ම හාස්‍යය, උපහාසය මෙන්ම ජීවිතය විනිවිද දැකිය හැකි දාර්ශනික භාවයන්ගෙන් යුක්තය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7449d770addb11e9bb5bff8134d4c7a5″ ]

Out Of Stock

ලොව ප්‍රකට විහිළු

Highlights:

සිනහව මිනිසාට අත්‍යවශ්‍ය ය. මේ කුඩා කෘතිය සැකසී ඇත්තේ සිනහවීම සඳහා ය. මෙහි ඇති කතා සිනහවීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දේ.

නස්රුදින්

Highlights:

නස්රුදීන් යනු මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත් වූයේ යැයි සැළකෙන චරිතයකි. ඔහු වටා බැඳුණු කතා බොහොමයක් වන අතර ඒවා ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියට කා වැදී එම රටවල ජනතා බවට ද පත්ව තිබේ. නස්රුදින්ගේ කථාවලින් සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කරන අඥාන මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හාස්‍යයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ තුළින් සාමාන්‍ය ජනතාවට හාස්‍යයත් බුද්ධියත් ලබා දෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ඇඹරුණු ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Musgrave Ritual හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

Out Of Stock

මල්ලිගේ විත්ති

Highlights:

මල්ලිගේ විත්ති යනු කෙටිකතා පොතකි. නමුත් විශේෂත්වය වන්නේ මෙහි සියලු කතා මෙහි කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් වීමත්, ඒවා එකිනෙකට සම්බන්ධ වීමත්, කාලයත් සමග ඉදිරියට ගලා ගෙන යාමත් ය. හද්දා පිටිසර ගමක පාසලකින් ආරම්භ වන මේ කතා අවසන් වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙනි. ළමා සාහිත්‍යය අතින් දුප්පත් අඩියක සිටින අපේ රටට, ළමා ජීවිතයේ රස මුසු තැන් අලළා ලියන ලද මේ කතා පෙළින් යන්තම්වත් සේවයක් වන බවට සැකයක් නැත. එබැවින් මෙය පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද භාවිත වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b48d92f0b8c811e99c7a9fbebe6601bb” ]

Out Of Stock

වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යය

Highlights:

ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 227කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය. මෙම කෘතිය විශේෂයෙන් සම්පාදනය වී තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වන ආකාරයටය. විෂය නිර්දේශයට අව්‍ය වන කවි සංඛ්‍යාව පමණක් මෙහි ඇතුළත් කොට තිබේ.

Out Of Stock

ලොව පතල ප්‍රස්ථා පිරුළු

Highlights:

ලොව නන් දෙසින් ඇසෙන ප්‍රස්තාව පිරුළු රැසක් අන්තර්ගත මේ කෘතියෙහි ඒ ඒ පිරුළ පිළිබඳ විමර්ශනයක් ද සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් දැක්වෙයි.

සිංහල ජන කවි

Highlights:

සිංහල ජනශ්‍රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/92129480aefc11eab92cf72b5d6e8551″ ]

හෙළ ජන ගී

Highlights:

ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.

ප්‍රස්ථාව පිරැළු

Highlights:

ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙහි අදහස් ප්‍රකාශ ප්‍රකාශනයෙහි ලා යොදා ගත් ප්‍රස්තාව පිරුළු, බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප්‍රබල රස ජනනීය පිරුළු රැසක එකතුවකි.

රු356.25 25% OFF

ගොළු දැරිය

Highlights:

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පන්හි‍ඳෙන් එළිදකින මේ කතා එකතුව පාඨකයා අපූරු ඉසව්වලට ගෙන යන හරවත් නිර්මාණවලින් යුක්ත ය. කලාව මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුය යන මානවසිංහ චින්තනය මේ කතා තුළින් ඉස්මතු වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c0099b80addf11e9a8b817ecc0706bdc” ]

සඟරජවත

Highlights:

‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]

දුවකගේ කඳුළු

Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]

Out Of Stock

එකෝමත් එක දවසක

Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3289d270a85e11e9aa52ed5c2279fa6b” ]

සොඳුරු යසෝදරා

Highlights:

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.

Out Of Stock

ගස් මිනිස්සු

Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cfc6e00e05711eabefb2d8d4968d702″ ]

බිසව් සීගිරි

Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]

ෂර්ලොක් හොම්ස්ගේ අභිරහස් පරික්ෂණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් කීර්තිමත් නවකතාකරුවෙකි. ඔහු විශ්ව සාහිත්‍යයට අපූරු චරිතයක් නිර්මාණය කළේ ය. ඒ කිසිදා නොමියෙන ෂර්ලොක් හොම්ස් ය. මේ ඒ කතා පෙළේ සමහරකි. එන්. ඒ. ඩී. ගුණතිලකයන් විසින් මේ කතා පරිවර්තනය කොට තිබේ.

Out Of Stock

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3fbdc5a0adf211e98c47d712d18b7afd” ]

රු240.00 25% OFF

මහා වියවුල

Highlights:

සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්‍රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e60f2a70ae8911e9a0b4ef1820f9fde2″ ]

යහපත් යාත්‍රිකයා

Highlights:

කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b03ee10a84211e9bf7d9d0bde139afa” ]

රු292.50 25% OFF

එකෝමත් එක දවසකට පස්සේ

Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙහි පළමු කොටස් ලෙසින් ‘එකෝමත් එක දවසක ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9634d1f0a9db11e9bf2edb2ff876cc60″ ]

Out Of Stock

තුත්තිරි

Highlights:

‘තුත්තරි‘ යනු දයා ද අල්විස් ලේඛිකාව විසින් නිර්මාණය කරන ලද කෙටිකතා එකතුවකි. මෙය මුලින්ම ප්‍රකාශයට පත් ව ඇත්තේ 1963 වසරේ දී ය. ප්‍රකාශයට පත් කරන ලද්දේ ද ඇම්.ඩී. ගුණසේන සමාගම මගින්ම ය. ලේඛිකාවගේ ජීවන අත්දැකීම් ද කැටි කරගනිමින් කරන ලද නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.  

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/76b09840c48f11e9a548eb2e4cf2df4c” ]

Out Of Stock

මාතාභාරි

Highlights:

‘මාතාභාරි‘ යනු දිළිඳු කම නිසා මැදපෙරදිග සේවයට ගොස් සිදු වන අනේක වූ අකටයුතු හමුවේ මානසික ආබාධයකට ලක්ව යළි අප රටට පැමිණෙන එක් කාන්තාවකගේ ඛේදවාචකය නිරූපනය කරනා නවකතාවකි. මෙහි කතුවරයාට හමු වූ මැදිපෙරදිග ගොස් පැමිණුණු විවිධ කාන්තාවන්ගේ අත්දැකීම් සමුදායක් එක් කොට මෙය නිර්මාණය කොට ඇති බව පෙරවදනේ සඳහන් ය. මැදපෙරදිග වහල් සේවය ගැටලුවක්ව පවතින වර්තමානයේ කාන්තාවන් පමණක් නොව සියලුම දෙනා විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63e864e0ae0011e9b68059352ae5965f” ]

Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් මුහුණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of the Yellow Face හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් කාමරය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් එකක් වූ The Adventure of Copper Beeches හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක අශ්වයා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of Silver Blaze හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f0c2a930a13c11e9a6284ff8cf3b7c5b” ]

Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3efdde0a14c11e99b11b982bde8159b” ]

1 2 9 10 11 12 13 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping