1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර අන්ත දූගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරීදී ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දූගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදි දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරික්ෂාවට ලක් වන අතර ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.