සැරිසර කුමරී
‘මටත් සිංහල උගන්නනවද? ”මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි”
”එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”
”මම ඉගෙනගත්තා”
”තව මොනවද ඉගෙනගත්තේ ?”
”ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා”
”මට සමාවෙන්න සුද්දී ” ”සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.”
සැවැන්දරී
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරණිය සැවැන්දරියයි.තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ් මුදුන් මුලයි .එදා ඉගනීම අත්හැරපු ,විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂණ මදින්, පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධිධාරියෙක් කලේ ඇයයි.සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දි.. ඒ් ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරයි.ඔ්නෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹි සිටියත් ඒ් ගසේ සවිය ශක්තිය යනු ඒ් ගසේ මුලයි.ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ් ගසේ මුදුන් මුලයයි.ඉදින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?
අසේකා
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්
පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා
මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්
දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි
මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ
හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම
සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්
කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට
සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්
හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.
ඇයි අසේකා මම ඔයාව මීට කලින්
නොදැක්කේ…?
තුරු සරසි
“සරසි මායා ..ස..ර..සි..මා…යා” නුමයාට ඇසුණේ රහසක් කියනවා වැනි සිහින් හඬකින් .”මායා…මායා…සරසි මායා”මෙසේ ඇසෙද්දී නුමායා එක්වරම දෑස් හැරියා.”මායා ….මගේ මායා සසර පුරාවටම අපි හමුවෙනවා…වෙන්වෙනවා නමුත් මායා ඔබ මගෙයි…මේ රන්බණ්ඩාර ඔබගෙයි”