හීනයට ළග ජීවිතේ
හිරු එබෙන උදෑසන වාසල බණ්ඩාර මැණිකේ තම පුතුගේ දෑස්වලට එබෙමින් උන්නේ නොසන්සුන් සිතිනි.
තම මව විසින් තම අත මත තබන ලද සේයාරුව දෙස එකම බැල්මකින් රකිත බලා සිටියේ නොසන්සුන් ලෙසිනි.
“මට නිදහේ අර රටට වෙලා ඉන්න නොදී බොරු ලෙඩක් අරගෙන මාව මෙහෙට ගෙන්නුවේ මේ ගොඩේ ගෑණිව මගේ කරේ එල්ලන්න ද..?”
කෝපයෙන් දැවෙමින් රකිත තම අතේ වූ සේයාරුව මව වෙතට විසි කළේය.
කොහෙද බූරුවෝ මේ කෙල්ල ගොඩේ.. හොඳට බලපං උඹටම කැපෙන කෙල්ල..”
“කැපෙනවා.. මේ වගේ වැඩ නිසා ඔයාලයි මමී මගේ හිතෙන් කැපේනනේ..”
“උඹල ඔක්කොම එකතු වෙලා මගේ දරුවව මරාගෙන.. මහත්තයා මගේ දරුවා සෑහෙන්න විදවලා.. මුං ඔක්කොම මගේ දරුවව මරාගෙන.. මේ ඔක්කොම මගේ වැරදි..”
මැණිකේ පපුවට ගසා ගනිමින් විලාප නැඟුවාය.
“නෑ අම්මේ මේ ඔක්කොම බොරු.. රකිත මගෙත් එක්ක ජීවත් වුණේ සතුටින්.. මල්කි අක්කා ඔය කොළ අත්සන් කර ගත්තේ මං ආව මුල් දවස්වල එයා කිව්වේ රකිත කිව්වා මේවා අත්සන් කරන්න කියලා.. එක්යි මං අත්සන් කළේ…
නිසල් අයියේ කියන්නකෝ මං එමෙ කෙනෙක් නෙමෙයි.. මං මගේ රකිතට වැරැද්දක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ..”
නිසල්ගේ අතින් අල්ලා ගත් ගිම්හානි රකිත දෙස බැලුවාය. රකිත මෙන්ම නිසල් බැුවේ ද ගිම්හානිගේ අත දෙසය. තවත් මොහොතක්වත් එතැන නොරැදුණු ගිම්හානි නිසල්වත් ඇදගෙන කාමරයෙන් එළියට විත් දොර වසා දැමුවාය.
“අයියේ මට රකිතගේ ඩොක්ටර් ගාවට යන්න ඕනේ..”
“ඩොක්ටර් එයාට.. එයාට කවදාවත් ඇවිදින්න බැරි ද”
“මේකයි මං මෙහෙම කියන්නම්කෝ.. මිස්ටර් රකිතව මෙහෙට ගේද්දී එයා ජීවත්වෙයි කියලවත් හිතුවේ නෑ.. මිස්ටර් නිසල් තමයි ඒ ගැන හෝප්ස් තියන් හිටියේ.. සුසුම්නාවට අනතුරක් වුණොත් ගොඩක් වේලාවට ජීවිත කාලය පුරාවටම ලෙඩ ඇඳේ ඉන්න වෙනවා.. ඒත් මං කියන්නේ නෑ සදාකාලිකවම ඇවිදින්න බැරි වෙයි කියලා..”
“අද ඉදලා අපි අලුත් නමකින් අලුත් ඩිසයින්වලින් මාර්කට් එක අල්ලනවා.. දන්නවද මේ එක පුංචි කෙල්ලෙක්ගේ හීනයක්.. ගිමා ෆැෂන්ස්…”
ඒ ඇගේ හීනයයි. රකිත ඇගේ හීනයට ළඟ දිනා ගත් ජීවිතයයි. ජීවිතය විසින් හීනය සැබෑ කරන්නට අඩිතාලම දමා අවසන්.. දැන් අවැසි වන්නේ ඒ අඩිතාලම මත ඇගේ හීණ මන්දිරය ගොඩ නැඟිම පමණක්මය.