Product Tag: gunasena

gunasena

(Showing 331 – 360 products of 706 products)

Show:

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – සැඟවුණු රැජින‍

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Scandal in Bohemia සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘සැඟවුණු රැජින’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. බොහෙමියාව හෙවත් වර්තමාන් ජර්මනියේ සිට එක් රජකු තාමට සිදු වේ යැයි සිතූ අපවාදයකින් ගැලවී යාම සඳහා ෂර්ලොක් හොම්ස්ගේ පිහිට පැතූ ආකාරයට මේ කතාවෙන් ඉදිරිපත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/761bdba0a14d11e9b633ff3270142b20″ ]

Out Of Stock

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]

සැමීගේ කතාව

Highlights:

ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eb8ea060feb711e9a627db54abbe43cc” ]

Out Of Stock

කුලීකාර කතා වස්තුව

Highlights:

සිංගප්පූරුව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සමයේ එරට පැවති සමාජ ක්‍රමය පිළිබිඹු කරමින්, සත්‍ය කතාවක් අනුසාරයෙන් ලියැවුණු නවකතාවක සිංහල පරිවර්තනයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6956ba0a85711e9915e8553910ef78c” ]

Out Of Stock

සෙනෙහසක උරුමය

Highlights:

එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/57b1f070a84411e9908b2f7e06caad05″ ]

Out Of Stock

රතු රෝස මල

Highlights:

සිංහල කෙටිකතාව පෝෂණය කිරීමෙහි ලා කැපවුණු නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සුවිශේෂී භූමිකාවක් වෙයි. ඔහු කෙටිකතාවේ වස්තු විෂය මෙන්ම ආකෘතිය, චරිත නිරූපණය අතින් ද නව දිශානතියක් පිළිබඳ අධ්‍යයනය කළේ ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b859b3d0cdf911e99f8a750881b2898b” ]

සාර භූමි

Highlights:

පර්ල් එස. බක් නම් ඇමරිකානු කතුවරිය විසින් ‘ගුඩ් අර්ත්’ නමින් නිර්මාණය කරන ලද මෙම කෘතියට 1932 වසරේ දී පුලිට්සර් සම්මානය ද, 1938 වසරේ දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ද හිමි විය. වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙලූ තියුණු බැල්මක් වැනි ය.

තුන් වසර

Highlights:

ඉංග්‍රීසි බසින් Three Years නමින් හැඳින්වෙන කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි. ඇන්ටන් චෙකෝෆ් විසින් නිර්මාණය කරන ලද දෙවැනි විශාලතම නවකතාව වන මෙයින් එවක රුසියානු සමාජයේ පැවැති සමාජ ප්‍රගතිය ඍණාත්මක දෘෂ්ටි කෝණයකින් බලයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/42ecc5e0a12911e991f51feea583ea8b” ]

ඇනා කැරනිනා

Highlights:

ඇනා කැරනිනා යනු ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත කෘතියකි. සාර් රජවරුන් රුසියාව පාලනය කළ 1870 වැනි සමයක ලියැවුණු බැවින් මෙහි චරිතවලින් බොහොමයක් ධනවක් පැලැන්තියට හා රජවරුන්ට අයත් වේ. එම සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නට ද මෙයින් මහඟු පිටිවහලක් ලැබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/75bf3ac0aea511e9875b33cd6d1746a1″ ]

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/486560a0b6a811ea928cd7b158fb3ca3″ ]

අක්කර පහ

Highlights:

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.

රු450.00 10% OFF

සාහිත්‍ය මැවූ ගැහැනිය

Highlights:

සාහිත්‍ය සහ ගැහැනිය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් සිදු කරමින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙහි කතුවරිය වන ලතා ගුරුසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ද වන්නීය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/99f55c90a84711e9be49096f3ae4191a” ]

පද්‍යාවලී

Highlights:

කාව්‍ය ඉතිහාසය විමසා බලන කල්හි සිංහල කවි කෙත සරු කරවූ කවීන් අපට හමුවෙති. කුමාරතුංග මුනිදාස, පී බී අල්විස් පෙරේරා, ඇස් මහින්ද හිමි, සාගර පලන්සූරිය ඉන් කීප දෙනෙකි. පද්‍යාවලිය ග්‍රන්ථය තෝරා ගන්නා ලද කවීන්ගේ පද්‍ය පන්ති සමූහයක් හඳුන්වා දීමට සම්පාදනය කරන ලදී. අර්ථවත් පද මාලාවක් යටතේ ලියවුණු කෘති රැසක් පද්‍යාවලිය වින්දනය කළ හැකිය

Anyone Can Cook (Hard Cover)

Highlights:

The book ‘Anyone Can Cook’ contains hundreds of different recipes that can be prepared at a low cost. This has been compiled by Dushanthi Madanayake, a popular chef who hosts culinary programs on two television channels in our country.

Anyone Can Cook (Soft Cover)

Highlights:

The book ‘Anyone Can Cook’ contains hundreds of different recipes that can be prepared at a low cost. This has been compiled by Dushanthi Madanayake, a popular chef who hosts culinary programs on two television channels in our country.

Out Of Stock

Anyone Can Cook – උයන්න බැරි කාටද? (Hard Cover)

Highlights:

අඩු පිරිවැයකින් පිළියෙල කර ගත හැකි, එකිනෙකට වෙනස් වට්ටෝරු සියයකින් Anyone can Cook – උයන්න බැරි කාටද? කෘතිය සමන්විත වේ. මෙය අප රටේ රූපවාහිනි නාලිකා දෙකක සුප්‍රකට සූපවේදී වැඩසටහන් මෙහෙයවන්නා වූ ජනප්‍රිය සූපවේදිනියක වන දුෂාන්ති මදනායක විසින් සම්පාදනය කොට තිබේ.

Anyone Can Cook – උයන්න බැරි කාටද? (Soft Cover)

Highlights:

අඩු පිරිවැයකින් පිළියෙල කර ගත හැකි, එකිනෙකට වෙනස් වට්ටෝරු සියයකින් Anyone can Cook – උයන්න බැරි කාටද? කෘතිය සමන්විත වේ. මෙය අප රටේ රූපවාහිනි නාලිකා දෙකක සුප්‍රකට සූපවේදී වැඩසටහන් මෙහෙයවන්නා වූ ජනප්‍රිය සූපවේදිනියක වන දුෂාන්ති මදනායක විසින් සම්පාදනය කොට තිබේ.

Out Of Stock

සුව රුව ගුණ සපිරි රස ආහාර

Highlights:

පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.

රු900.00 25% OFF
Out Of Stock

රස ගුණ පිරි ආහාර

Highlights:

පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.

Out Of Stock

ගුණසේන සූප ශාස්ත්‍රය

Highlights:

ඉවුම්පිහුම් පිළිබඳ උගන්වන ශාස්ත්‍රය සුදු ශාස්ත්‍රයයි. ඈත අතීතයේ පටන්ම පෙරදිග කුල කාන්තාවන් සූප ශාස්ත්‍රයෙහි මනා පරිචයක් ඇතිව සිටි බව බොහෝ ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වේ. වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හේතුවෙන් සූඵ ශාස්ත්‍රය වඩා දියුණු තත්වයට පත්ව ඇත. මෙම කෘතියෙන් විවිධ ප්‍රභේදවල ආහාර වර්ග රැසක් ක්‍රමානුකූලව රසවත්ව සාදාගන්නා අයුරු පැහැදිළි කර දෙයි. ලාංකීය සූපවේද කෘති අතර ප්‍රමුඛස්ථානය හි ලා සැලකෙන කෘතියකි.

Out Of Stock

1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව

Highlights:

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.

2 ශ්‍රේණිය සිංහල පද හුරුව

Highlights:

ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්‍රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.

රු375.00 25% OFF

1 ශ්‍රේණිය පස්රූලේ හැඩට ලියමු

Highlights:

නව විෂය නිර්දේශයට අනුගතව රූල් පහ තුළ දරුවන්ට අක්ෂර ලිවීමේ හුරුව ලබාදීමේ මූලික අරමුණෙන් ක්‍රමවත්ව හා විධිමත්ව මෙම කෘතිය සම්පාදනය වී ඇත. එසේම වර්ණවත් සිතුවම් හා සරල අභ්‍යාස දරුවාගේ ලිවීමේ රුචිය වර්ධනය කරවයි.

Ibi Panchaa

Highlights:

සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/08deab70a92011e98ac2edf27828e3ea” ]

ගුණසේන පෙර පාසල් වැඩපොත 3

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. වසරේ තෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාළාවේ තුන්වැන්න මෙය වේ.

දෙව්ලොව ගිය චුට්ටා

Highlights:

දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..

රු168.75 25% OFF

හර්කියුලිස් සහ වෙනත් කතා

Highlights:

ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.

හත් පණ (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හත් පණ ‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

මහනුවර සොයා ගත් පුංචා

Highlights:

ඓතිහාසික මහනුවර රාජධානිය සොයා ගන්නට හේතු වූ කතා පුවත දරුවන්ට ගැළපෙන ළමා කතාවක් ලෙස මෙයින් ඉදිරිපත් කරයි.

රු168.75 25% OFF
1 2 10 11 12 13 14 23 24
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping