Product Tag: Fiction

Fiction

(Showing 31 – 46 products of 46 products)

Show:

දුවකගේ කඳුළු

Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]

Out Of Stock

ගස් මිනිස්සු

Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cfc6e00e05711eabefb2d8d4968d702″ ]

බිසව් සීගිරි

Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]

මහා වියවුල

Highlights:

සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්‍රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e60f2a70ae8911e9a0b4ef1820f9fde2″ ]

Out Of Stock

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]

Out Of Stock

ඇදහිය නොහැකි සත්‍ය කතා

Highlights:

එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/db6d3130f6f011e98eb02d228902ea60″ ]

Out Of Stock

ගීයක සැඟවුණු ඇත්ත

Highlights:

ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්‍ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cf64d820f19c11e986b62b0fbf28b74e” ]

විනිවිඳින සිතිවිලි

Highlights:

‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6ed3f50ad3d11e9a5ce27e481854e67″ ]

රු337.50 25% OFF
Out Of Stock

හෙදියකගේ නොදුටු දින පොත

Highlights:

සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02abdf20a85b11e9a866219a0887fca4″ ]

Out Of Stock

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]

ගම්මානේ අපි

Highlights:

ගම්මානයක ජීවත්වන කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුණු නවකතාවකි. වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට උදව්වෙමින් සමගියෙන් ගමක ජීවත්වන ආකාරය මෙයින් කියැවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/37ad98b0aea211e9a82c9fa156a21d0f” ]

ආදරණීය මාක්ස්

Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/27d90300dc5a11ea86b29f1909b6d02a” ]

Village By The Sea

Highlights:

The village by the sea: an indian family story is a novel for young people by the indian writer anita desai, published in london by heinemann in 1982. It is based on the poverty, hardships and sorrow faced by a small rural, community in india

Thorn

Highlights:

Princess alyrra has never enjoyed the security or power of her rank. Between her family’s cruelty and the court’s contempt, she has spent her life in the shadows. Forced to marry a powerful foreign prince, alyrra embarks on a journey to meet her betrothed with little hope for a better future. But powerful men have powerful enemies – and now so does alyrra. Betrayed during a magical attack, her identity is switched with another woman’s, giving alyrra the first choice she’s ever had: to start a new life for herself or fight for a prince she’s never met.

Out Of Stock

The Other Woman

Highlights:

In an isolated village in the mountains of andalusia, a mysterious frenchwoman begins work on a dangerous memoir. It is the story of a man she once loved in the beirut of old and a child taken from her in treason’s name. The woman is the keeper of the kremlin’s most closely guarded secret. Long ago, the kgb inserted a mole into the heart of the west– a mole who stands on the doorstep of ultimate power.

Out Of Stock

The Woman In The Window

Highlights:

For readers of gillian flynn and tana french comes one of the decade’s most anticipated debuts, to be published in thirty-six languages around the world and already in development as a major film from fox: a twisty, powerful hitchcockian thriller about an agoraphobic woman who believes she witnessed a crime in a neighboring house.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping