නිර්යානය
රෑට විශ්ව විද්‍යාලය කොතරම් අපූරුද? මේ අත් දැකීම විඳනැති විශ්ව විද්‍යාල ජීවිතයෙන් ද පලක් නැත. ඈත අදුරේ ගිලී නිදින, එහෙත් දිවා කාලයට පණ ලබන ගොඩනැගිලි මං මාවත්, ගහ කොළ, තෙල් බැම්ම, සිමෙන්ති බංකු ආදිය විදුලි පහන්වල මන්දාලෝකය වැටී සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකුගේ, දක්ෂ ජායාරූප ශිල්පියෙකුගේ රූප රචනයක් සේ පෙනේ. හොස්ටල් එකේ කාමරවල විදුලි පහන් එළි තවමත් දැල්වෙයි. බශා එක තිබෙන තැන සලකුණු කර ගන්නටවත් නොහැකි තරමේ ඝන අඳුරක එය ගිලී ඇත. ඊට ඈත පැවීලියන් එකටත් එහා ඉමේ නිවාස කරා දිවෙන මාර්ගයේ පහන් කණුවල විදුලි බුබුලුත්, එහා මෙහා දිවෙන වාහනවල විදුලි බුබුලුත් කනාමැදිරි එළි සේ දිස් වෙයි.කළු වලාවකින් වැසී එබෙන්නට තැත් දරන අඩපණ සඳ එළියට දිලෙන කොඩි වැල් අඳුරු වර්ණයේ එතී ඇත.
යක්ඛරාජ
පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා පානා ඇස් තුනෙන් හැම පිරික්සා සිව් – අතින් ගති බිලි සියල් ඕනා
රැස් දෙනා සුදු වතින් සැරසී – නිල් කයින් සිත් කුකුස් ගේනා
අශ්ව මුව එළු බැටළු සූකර – පිටෙහි පැමිණේ මහා සෝනා
දක්ෂකම් පෑ සේන සෙන්පති – මොහුයි පෙර පිදු ගැමුණු සේනා
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ – ලබා දස දෙස බලය පානා
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු – විකුම් පා සමයමේ පේනා
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ – සසලවයි සැම මහා සෝනා
හිම හීන
මටත් අත්ඇරුණු… මගේ මේ ජිවිතේ….
හිතින් අල්ලගෙන නුඹ…
ඉන්නවාද මං වෙනුවෙන්…
නොවෙනස්ව එකලෙසම…
ආදරයේ නාමයෙන්…
අසේකා
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්
පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා
මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්
දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි
මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ
හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම
සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්
කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට
සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්
හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.
ඇයි අසේකා මම ඔයාව මීට කලින්
නොදැක්කේ…?