ALIDOLE – අලිඩෝලේ
අලි – මිනිස් ගැටුමට
මුතුන් මිත්තන් සතු
අත්දැකීම් ඔස්සේ
සැබෑ උත්තරයක් සොයන
යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ
පරිසර ගවේෂණය….
මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.
වින්දිතයෝ
තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද සමග සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි.
පුස්ලෝඩං
ලාංකේය සංස්තික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගතේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.
‘පුස්ලෝඩං’ නාට්‍යයේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගතේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගතේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ෆැරැන්ක්ෆට් විශ්වවිද්‍යාල ගුරුකුලයේ මැක්ස් හෝතයිමර් (Max Hortheimer) තියොඩෝර් ඇඩෝර්නෝ (Theodor Adovno) වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) හා හර්බට් මාර්කස් (Herbert Marcuse) ජනප්‍රිය මාධ්‍ය ආකෘතිය ධනේෂ්වර හා පාරිභෝගිකත්වය පදනම්ව බිහිවුවක් බවට විවේචනය කරයි.එසේම සංස්කෘතික කර්මාන්ත නිර්මාණ හා වෙළඳ සේවා අතර ඇති මිත්‍යාව හා යථාර්ය මහජනතාවට හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. සංස්තික නිෂ්පාදන මිලදී ගැනීමට මාධ්‍ය පාරිභෝගිකයාව පොළඹවයි. මාධ්‍ය ධනේෂ්වරයේ හැසිරීම් විශ්ලේෂණය කිරීමට ෆැරැන්ක්ෆට් ගුරුකුලය උපයෝගී කර ගන්නේ මාක්ස්වාදයයි. ධනේෂ්වර ආර්ථිකය තුළ ඔවුන්ට ආවේනික ආධිපත්‍යය සහ පීඩනය පවත්වාගෙන යාම සඳහා අන්තර්ගත පාලනය කරමින් ජනතාවට ඔවුන්ගේ අදහස් අලෙවි කරයි. ජනතාවට ඇත්තේ මාධ්‍ය බලපෑම් සහිත කනස්සල්ලකි.”
සුබ සහ යස
මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.
විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්
තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.
ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.
ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්‍යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්‍යක්ෂ භූමිකාව දසැ’ඟිලිවලින් සංකේතවත් කරවමිනි.
පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද
කවි ලිවීම අභියොගයක්.
ස්ත්‍රීයක් කවි ලිවීම වඩාත්ම අභියෝගාත්මක වුවක්.
කවිය කියන්නේ සුවිශේෂී භාව ප්‍රකාශන මාධ්‍යයක්.
ඒ වගේම එය නිර්මාණකරුවෙකුගේ විෂය ලෝකයෙහි
සවිඥානක ප්‍රකාශනයක්.
එහෙයින් ඇය අතින් ප්‍රතිනිර්මිත ‘අනෙකා’ නැතහොත්
‘පුරුෂයා’ වෙත පිවිසෙන්නට ඉරාණි නිල්මිණී අබේකෝන්
“පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද” යන කාව්‍ය
සංග්‍රහය සමග සිංහල කවියෙහි කිවිඳියන්ගේ සම්ප්‍රදානය
දුර්ලභ නොවු මොහොතක අර්ථ කවියක් සොයා යමි.
පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර
මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.
නිරෝධායන චාරිකාව
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
වී බිස්ස ( ජනශ්‍රැති පර්යේෂණය )
‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්‍රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්‍රැති පර්යේෂණයයි.
පඬුරු බඳින ගස්
මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.
හයිඩි Heidi
`හයිඩි’ මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි’ නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.