පුස්ලෝඩං
ලාංකේය සංස්තික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගතේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.
‘පුස්ලෝඩං’ නාට්‍යයේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගතේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගතේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.
ඇට ගැහියං
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..
ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,
හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,
රාත්තල් 256 බර
බිලී හැලෙක්!
තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්
ඔහුගේ රථයේ හැපී මියයයි.
කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.
Thuru Dira Vatena Thuru – තුරු දිරා වැටෙන තුරු
මධුර ඵල ඇති විට
ඵල කා ඵල නැති කල
ඵල නැතැයි දැන
ඒ ඒ දිග යන්නෙමුද?
ඵල නැති කල්‍හි
දලුකොළ සුඹුළු කා
ගඟින් පැන් බී
රුකින් රුකට නොගොසින්
අපිස් සිතින් සිටින්නෙමුද?
සිම්පල් සයිමන්
මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්‍තු වෙන එක වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට. මුණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති පෙරලලා අරං කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.
සන්නිවේදන ප්‍රවණතා
සන්නිවේදන ප්‍රවණතා මාධ්‍ය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා විකල්ප ශාස්ත්‍රීය ප්‍රවේශයක්
BRINGING TONY HOME
The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.
සන්නිවේදන සිද්ධාන්ත න්‍යාය, ආකෘති හා සංකල්ප
ජන සන්නීවේදනය මාධ්‍ය තාක්ෂණය ශීඝ්‍රයෙන් වුව ද, ඒ හා සමාන වේගයෙන් සන්නීවේදනය අවබෝධය හා අර්ථවත් ව්‍යවහාරය ව්‍යාප්ත වන්නේ නැත. සන්නිවේදනය යනු, කවර හෝ මර්ගයන්ගෙන් සි දුවන අදහස් හුවමාරුවක් ලෙස වටහා ගත් පිරිස් අවශ්‍ය හා අනවශ්‍ය දේ එක ලෙස කීම සඳහා මාධ්‍ය යොදා ගනී. ඇතැම් දේශීය උගතුන්ට අනුව සන්නිවේදනය යනු, කලාවකි. තවත් වරෙක පුවත්පත් කලාව යනු, සන්නිවේදනය යි. මෙ වනි අසම්පූර්ණ මත ව්‍යාප්ත වීමට හේතුව වන්නේ, ජන සන්නිවේදනය පිළිබඳ අධ්‍යයන ප්‍රවේශයන් හි ඇති ඌනතාවයන් ය.
සුබ සහ යස
මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.
කමතේ වගතුග ( උරුමය 04 )
කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.