Product Tag: english fiction

english fiction

Showing all 7 results

Show:
Out Of Stock

Sam’s Story

Highlights:

Captain Elmo Jayawardena’s novel Sams Story also won the Gratiaen Prize. The Sinhala translation was published under the title ‘Sammy’s Story’. Jagath Chamila won the Best Actor award at the 2013 New York City Film Festival in the United States for the Sinhala film made on the Sinhala translation of this film.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/6ee14780a6c511e9b9bc7d3c979cc18b” ]

Oliver Twist

Highlights:

Oliver Twist is the famous and heart rending story of a little boy who was born to a poor woman in a work house which was like a jail. Oliver Twist was boy with qualities of ambition and perseverance and the story results in a happy ending.

Out Of Stock

අයිවන්හෝ

Highlights:

‘අයිවන්හෝ’ යනු සර් වෝල්ටර් ස්කොට් විසින් ලියා වර්ෂ 1819 දී ප්‍රකාශයට පත් කරන ලද Ivanhoe කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. යථාර්තවාදී නව කතාවක් වන මෙය මධ්‍යතන එංගලන්තය පසුබිම් කොට ගනිමින් ලියැවී තිබේ. කතාව ගෙතී ඇත්තේ මධ්‍යතන එංගලන්තයේ වංශවත් පවුලක් වටාය. මේ සමයේ එංගලන්තයේ බලය පැවැතියේ නෝමන්වරු අතය. නෝමන් රජකු වූ රිචඞ් රජුට පාක්ෂිත්වය දැක්වීම නිසා අයිවන්හෝ හි සර් විල්ෆ්‍රඞ් සිය පියාගේ උදහසට ලක් වෙයි. මෙය ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වූ ස්කොට් නවකාව ලෙස ද ප්‍රකටය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/262f82a0eb1011e9aae689cffafdab47″ ]

රු195.00 25% OFF

රොබින්සන් කෲසෝ

Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3de59e20a84911e9b6e82364c547b6c6″ ]

රොබින් හුඩ්

Highlights:

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b78ff1f0a84e11e99ad9151813696b61″ ]

ජේන් අයර්

Highlights:

‘ජේන් අයර්’ යනු ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වූ චාලට් බ්‍රොන්ටේ විසින් ‘කියුරර් බෙල්’ යන අනවර්ත නාමය යටතේ 1847 වසරේ දී ලියන ලද නවකතාවකි. සැබෑ වික්ටෝරියානු සමාජය නිරූපණය කෙරෙන මෙහි ඇත්තේ කාන්තාවකගේ ඇතුලාන්ත සිතුම් පැතුම්, සිය අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා කාන්තාවක් සිදුකරනා අරගලයන් ආදී කාරණාවන්ය. උත්තම පුරුෂ ශෛලියෙන් ලියා ඇති නිසා මෙයින් පවසන්නට අදහස් කරන දෑ මනාව අවබෝධ වෙයි. මෙහි ප්‍රධාන චරිතය වන ජේන් අනාථ දැරියක් බව පෙන්වා දෙමින් නවකතාව ආරම්භ වෙයි. වයසින් වැඩෙත්ම කාන්තාවකට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇය තුළ ගොඩ නැගෙන ආකාරය දකින්නට හැකිය. සමාජය තුළ බාධක, දුක් කම්කටොලු බිඳලමින් ඉදිරියට ගමන් කරන්නට රිසි ඕනෑම කාන්තාවකට ගැලපෙන ධනාත්මක නවකතාවක් ලෙස ජේන් අයර් කෘතිය හඳුන්වා දිය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e3e1eec0ae9d11e9b1373d5858bcf318″ ]

සැමීගේ කතාව

Highlights:

ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eb8ea060feb711e9a627db54abbe43cc” ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping