මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්‍ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.