Product Tag: Dayawansa Jayakody & Co

Dayawansa Jayakody & Co

Showing all 13 results

Show:

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

ඈන් 5

Highlights:

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.

සුන්දර සහ දේවින්ද

Highlights:

එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.

සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.

අරලිය මල් ආරාමය

Highlights:

“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”

“ඒක තමයි මට උනෙත්…”

“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”

“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”

“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

Out Of Stock

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

Out Of Stock

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.

Out Of Stock

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.

Out Of Stock

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Highlights:
“Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන” මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.”

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

බණ්ඩාර මැරූ උන්

Highlights:

චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳ ගැඹුරින් සාකච්ජා කරන මෙම නවකතාව, ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය, ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් අඩංගු අනුවේදනීය දීර්ඝ කතා පුවතකි. අප රටේ චිත්‍රශිල්පීන් ට හා චිත්‍ර ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොත ගොඩක්ම දැනෙනු ඇත. ගිරිදේව, තේනි, කුඩාදේව, රතුමහත්තයා හා මහාචාර්ය වටපාන යන චරිත වටා මෙම කතාව ගෙතී ඇත. දරුවන් පිටරට යවන දෙමවිපියන්ගේ අනාගත ඉරණම හා තමාට ආදරය කරන දුප්පත් යුවතිය අතහැර ඉහල තනතුරක් හොබවන ‘මැඩම්’ කෙනෙකු කසාද බඳ ගන්නා මෝඩ මිනිසුන්ගේ අනාගත ඉරණම ගැන ද. උගතුන් විසින් තමා නොදැනුවත්ව වර්තමානයේ කරනු ලබන මෝඩ ක්‍රියාකලාප කර්තෘ විසින් මානව ඉදිරිපත් කර ඇත.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

නරලොව හොල්මන් 2

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 2” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping