Product Tag: Dayawansa JayakodiPublisher

Dayawansa JayakodiPublisher

Showing all 7 results

Show:

ඈන් 5

Highlights:

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.

ලෝක සංවිධාන 3

Highlights:

ලෝක සංවිධාන ග්‍රන්ථයේ තෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

අරලිය මල් ආරාමය

Highlights:

“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”

“ඒක තමයි මට උනෙත්…”

“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”

“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”

“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

සිංහලේ මහා රාජවංශෙ 2

Highlights:

ලංකා ඉතිහාසය සොයා යන්නන්ට අමතක කල නොහැකි මහගු ග්‍රන්ථය මහාවංසයයි.මෙහි එන සුළු කරුණක් පවා සොයා ගැනෙන සෙල්ලිපි වලින් තහවුරු වීම පුදුම සහගතයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය භික්ෂූන්ගේ ප්‍රබන්ධ කථාවක් ලෙසත් එය පක්ෂග්‍රාහීව ලියන ලදී. එහෙත් ඔවුන් එලාර රජු දැහැමින් පාලනය කළ බව සඳහන් වන මහාවංස පාඨය කියවා නැත. නැතහොත් වාසිය තකා නොකිය වු සේ ඔවුහු සිටිති.

උතුරේ දෙමළ රාජ්‍යක් තුබුණු බවට අමු බොරු කියන මොවුහු එයට කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරති. දෙමළ ජනයා වැඩියෙන් උතුරේ සිටීම වෙනම රාජ්‍ය‍යක් තුබු බවට සාධකයක් නම් මුස්ලිම් ජනයා වැඩියෙන් සිටින බේරුවල ද වෙනම මුස්ලිම් රාජ්‍ය‍යක් තුබුණා යැයි කිව හැකිය. මේවා මිථ්‍යා කථා වෙයි. යාපනයේ සිටි සිංහලයන් ලක්ෂ ගණනක් පලවා හරින ලද්දේ වර්තමානයේ ප්‍රභාකරන් මෙන් දහහත්වන සියවසේ සිටි සංකිලි නම් දාමරිකයා විසිනි.

සංදෘෂ්ටි

Highlights:

බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්‍යා සංකල්ප පිසදමා සත්‍ය‍ය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙමගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්‍රන්ථයකි.

ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ

Highlights:

වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්‍රන්ථ රත්නයකි.

Out Of Stock

මකාර් චුද්ර

Highlights:

ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ
ආර්ථික ක්‍රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ
මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිතමුදිත
කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා,නව සමාජ
ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.මේ සංග්‍රහයේ
එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ
වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන
ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද
දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන්
බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි…

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping