සුන්දර සහ දේවින්ද
එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.
සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.
උපවාන මහා රහතන් වහන්සේ
“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.
චුන්ද මහ රහතන් වහන්සේ
චුන්ද මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හතළිස්අට වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම සඳහන්ව ඇත.ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේගේ සොහොයුරෙකු වු මුන් වහන්සේ “චුන්ද මහා චුන්ද, චුන්ද සාමණේර” ආදී නම් කිහිපයෙන් ම හදුන්වා ඇති බව පෙළ අටුවා විමසීමෙන් පෙනෙයි. ථෙර අපදාන පාළියේ චුන්ද ස්ථවිරාවදානයේ එක් තැනක “චුල චුන්ද” යන නම දක්නට ලැබේ.
උතුම් කාන්තා රත්නයක් වූ යශෝධරා තෙරණිය
තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වීම සදහා සාරාසංඛ්‍ය කල්ප ල්කෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසව සිටිමින් පළමු විවරණ ලැබ එකී සාරාසංඛ්‍ය කල්ප ලකෂ්‍යය තුළ බෝසත්වරෙයෙකු වශයෙන් කිසිදු අඩුවක් නැතිව දසපාරමී පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ සේක.
යශෝධරා දේවිය ද සුමේධ තවුසා බුද්ධත්වයට පත්වීමට ඉහත කී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීමෙන් අනතුරුව සුමිත්තා නම් පරිබ්‍රාජිකාව වූ වර්තමාන යශෝධරා දේව්ය ද, කාරණා තුනක් ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා කළාය.