දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්‍රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.
අපරාධය සහ දඬුවම
දහනවවැනි සියවසේ ආරම්භය රුසියාවේ බොහෝ නොසන්සුන්තා පැවැති කාලයක් විය. රටේ ගැමි ජනතාව ඉඩම් හිමි රදලයන්ගේ වහලුන් ලෙස ජීවත් වු අතර ඉඩම් හිමි රදලයෝද දිනෙන් දින පරිහානිය කරා ගමන් ගත්තෝය. දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ පමණක් නොව සභ්‍යත්වය අතින් පිරිහෙන රට මුදාගැනීම සදහා උගත් තරුණයන්ගේ පිබිදීමක් මතුවෙමින් තිබිණි.