Product Tag: charitha katha

charitha katha

Showing all 8 results

Show:

රොබින් හුඩ්

Highlights:

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b78ff1f0a84e11e99ad9151813696b61″ ]

සඟරජවත

Highlights:

‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]

Out Of Stock

කුමරතුඟු ඇසුර

Highlights:

කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bdd61c0b8c811e995e3fd773592f801″ ]

පැරණි සිංහල කතුවරු

Highlights:

පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63293d80bf5211eaadb7f1727ddf65ec” ]

නූතන සිංහල කතුවරු

Highlights:

නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f463480bf4411ea93b093e39cafbd38″ ]

රු281.25 25% OFF

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2e1ab20b42611e9b7c90b13075ca355″ ]

රු187.50 25% OFF
Out Of Stock

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping