Product Tag: Biography

Biography

Showing all 12 results

Show:

යක්කඩුවේ යති සලකුණ

Highlights:

“යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ට ම ආවේණික වූ ජීවිතයකි. එය අන්‍යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙලක් නොවේ. උන්වහන්සේ මුළු රාත්‍රිය ම වගේ වැඩ කරති. අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇති ව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනීම, ඉගැන්වීම, පාලන සංවිධාන ආදි අනේකප්‍රකාර වැඩවල වෙදෙති. කෙස් රැවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමණි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකයේ නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්නට ආශ්‍රය කරන්ට ලැබුණ නමුත්, මෙබඳු පුද්ගලයෙක් නම් හමු වී නැත.”

සඟරජවත

Highlights:

‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]

සොඳුරු යසෝදරා

Highlights:

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.

Out Of Stock

කන්ඩුල

Highlights:

සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ ‘කණ්ඩුල‘ නම් හස්තියා පිළිබඳ ප්‍රචලිත නොවූ රසවත් තොරතුරු සමුදායක් ඇතුළත් කොට රචිත කෘතියකි. කණ්ඩුල හස්තියා පිළිබඳ තොරතුරුවලට අමතරව, එම හස්තියා අයත් වූ ඡද්දන්ත නම් උසස් ඇත් කුළය පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ ඇතුළත් වේ. පාසල් දරුවන්ට පමණක් නොව ඉතිහාසය ගැන නොදන්නා තොරතුරු සෙවීමට කැමැති වැඩිහිටියන්ට ද මෙය ප්‍රයෝජනවත් ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e725f63027c711ea883681bed3e4860d” ]

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/05824490a48e11eaa5868f225496689e” ]

Out Of Stock

කුමරතුඟු ඇසුර

Highlights:

කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bdd61c0b8c811e995e3fd773592f801″ ]

පැරණි සිංහල කතුවරු

Highlights:

පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63293d80bf5211eaadb7f1727ddf65ec” ]

නූතන සිංහල කතුවරු

Highlights:

නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f463480bf4411ea93b093e39cafbd38″ ]

රු281.25 25% OFF

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2e1ab20b42611e9b7c90b13075ca355″ ]

රු187.50 25% OFF
Out Of Stock

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

When Breath Becomes Air

Highlights:

Selected as a book of the year by the new york times, evening standard, observer, sunday times, mail on sunday and the economist shortlisted for waterstones book of the year the new york times number one bestseller the sunday times bestseller ‘finishing this book and then forgetting about it is simply not an option…unmissable’ new york times at the age of thirty-six, on the verge of completing a decade’s training as a neurosurgeon, paul kalanithi was diagnosed with inoperable lung cancer. One day he was a doctor treating the dying, the next he was a patient struggling to live

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping