Product Tag: Author Publication

Author Publication

Showing all 5 results

Show:

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

රු1,350.00 10% OFF

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.

“හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.

“මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”

ශිල්පීය වඩු කර්මාන්තය ඉගෙනුම 1 කාණ්ඩය

Highlights:
පැරණි වඩු කාර්මික ශිල්පීන් විසින් භාවිතා කරන ලද ආයුධ උපකරණ සහ නිර්මාණ සහිත ශිල්පීය ක්‍රමවේදය අද වන විට භාවිතයෙන් දුරස්වන නිසාත්, එම ක්‍රමවේදයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට නව පරපුර එක්කිරිමේ අරමුණින් මෙම කෘතිය ලේඛකයා විසින් ලියා ඇත. මෙහිදි වඩු කර්මාන්තයට අවශය වන උපකරණ මෙන්ම අදාළ මිණුම් ක්‍රම පිළිබඳව ද රුප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරිම් දක්වා තිබීම විශේෂයි.

FUN WITH READING STEP – 1

Highlights:

The importance of this book is all the sounds of the alphabet are given clearly and the reading lessons are written systematically according to the vowel order and from simple to difficult.Very easy way for small kids to develop their reading skill. They can use these sounds, words and paragaraphs with the help of the illustrations given At the same time, any teacher or parent can guide their children to read using this book.

මකුළු දැල්

Highlights:
අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මගින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය.

පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය.ඉන් නිකුත් වූයේ පුස් ගදකි. එකවරම කාමරය ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.

” මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ… ඒකයි හැම කාමරේට අතුගාලා පිරිසිදුව තියන් ඉද්දී මේ කාමරය විතරක් මේ විදිහට ….”

නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අදුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.

ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇදෙහි තවමත් පිළිවෙළට දැමු බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අදුරු පැහැයක් ගැන ඇත.

දූවිලි නාසයට කිති කැවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.

නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුන අල්මාරිය ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.
“අහ්හ්හ්..”

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping