සිහිනයක් වී ඇහැට බර වැඩි
ඇවිත් තුන් තිස් පැයේ වද දී
යද්දි නොකියම දුකයි මතකය
නොවුණි අමතක තවම තැවෙමි
නැතත් අද නුඹ එයි ද හෙටවත්
තව ම මග බල බලා හිඳිමි
එන්න ඇවිදින් යන්න මගෙ ළඟ
ඉන්න බැරි නම් යන්න හරිමි…
හුඟාක් සුන්දර සිහිනයකි නුඹ
තවත් එක් වාරයක් කියමි
මගේ සිත රැදි පැතුම නුඹමයි
ඒක හින්දම බලන් හිඳිමි
කියා දුන් ජීවිතේ ලස්සන
ටිකෙන් ටික යයි හිතෙන් ගිලිහී
තවත් එකමෙක වරක් ආවොත්
ඉතින් මම හිත හදා ගනිමි…
මලානික ඇස් පියන් පැටලෙයි
වසන්තය සොය සොයා වෙහෙසි
වෙච්චි වරදක් දන්නේ නෑ මං
නුඹත් මුනිවත ර්කී හිනැහී
මගේ හිරු සඳු නුඹයි මා හැර
ගියත් නොපෙනෙන දුරක සැඟවී
කියමි නොකියා බැරිම හින්දම
මගේ සැනසුම ගියා සුන් වි…