අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.
“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.
“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස් ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.
මා පාසලට බාර දෙන්නේ හෙටය.