පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා පානා
ඇස් තුනෙන් හැම පිරික්සා සිව් – අතින් ගති බිලි සියල් ඕනා
රැස් දෙනා සුදු වතින් සැරසී – නිල් කයින් සිත් කුකුස් ගේනා
අශ්ව මුව එළු බැටළු සූකර – පිටෙහි පැමිණේ මහා සෝනා
දක්ෂකම් පෑ සේන සෙන්පති – මොහුයි පෙර පිදු ගැමුණු සේනා
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ – ලබා දස දෙස බලය පානා
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු – විකුම් පා සමයමේ පේනා
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ – සසලවයි සැම මහා සෝනා |