මම දුර්වල කෙල්ලෙක් නෙවේ.මහියංගනය කාශ්ඨක පොලවේ මව්පියන්ද අහිමිව වියපත් සීයා සමග ජිවිතේ හා පොර බැදි මට දුක කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත් මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවා ලස්සනම ලස්සන හඳක්. හඳ අපිට අල්ලගන්න, ළගට ගන්න, අයිතිකරගන්න බෑ. දුරින් ඉදලා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒ හඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා. අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා. මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒ ලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින් දැන් මාස ගණනක් වෙනවා.