කුර හඬෙකි වියැකෙන
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
එදා නඩු පොතෙන්
මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘතියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.
මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ෆැරැන්ක්ෆට් විශ්වවිද්‍යාල ගුරුකුලයේ මැක්ස් හෝතයිමර් (Max Hortheimer) තියොඩෝර් ඇඩෝර්නෝ (Theodor Adovno) වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) හා හර්බට් මාර්කස් (Herbert Marcuse) ජනප්‍රිය මාධ්‍ය ආකෘතිය ධනේෂ්වර හා පාරිභෝගිකත්වය පදනම්ව බිහිවුවක් බවට විවේචනය කරයි.එසේම සංස්කෘතික කර්මාන්ත නිර්මාණ හා වෙළඳ සේවා අතර ඇති මිත්‍යාව හා යථාර්ය මහජනතාවට හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. සංස්තික නිෂ්පාදන මිලදී ගැනීමට මාධ්‍ය පාරිභෝගිකයාව පොළඹවයි. මාධ්‍ය ධනේෂ්වරයේ හැසිරීම් විශ්ලේෂණය කිරීමට ෆැරැන්ක්ෆට් ගුරුකුලය උපයෝගී කර ගන්නේ මාක්ස්වාදයයි. ධනේෂ්වර ආර්ථිකය තුළ ඔවුන්ට ආවේනික ආධිපත්‍යය සහ පීඩනය පවත්වාගෙන යාම සඳහා අන්තර්ගත පාලනය කරමින් ජනතාවට ඔවුන්ගේ අදහස් අලෙවි කරයි. ජනතාවට ඇත්තේ මාධ්‍ය බලපෑම් සහිත කනස්සල්ලකි.”
වී බිස්ස ( ජනශ්රැති පර්යේෂණය )
‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්රැති පර්යේෂණයයි.