ගුත්තිල කාව්‍යය ( 91-317 පද්‍ය )
ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.
ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.
සංදේශ විවරණය
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍යයන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළීබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සෙංවේදී සංජානනය පළ කරයි.
පියකු දුවට යැවූ ලියුම්
අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.