වජ්‍ර කස්තුරි
“පටන්ගත්ත හැටියේම ප්‍රශ්න කියවන්න මමත් ආස නැහැ චූටී..නමුත් ඔයාට වගේ ජීවිතය ඔහේ වෙච්චාවේ කියලා හරවගෙන යන්න පුළුවන් පාරක නෙමෙයි මම ඉන්නේ. මම කාගේ කවුද, එතකොට මගේ අතීතය
ගැන ඔයා දැනගන්න ඕනේ චූටී.. ඔය හිතේ තියෙන ඔක්කොම
හරි වෙන්න ඇති. මේ ආදරයත් වෙන්න ඇති. ඒ වගේම මමත්
ඔයාට ආදරෙයිත් තමයි. නමුත් ඇත්ත තිත්තයි චූටී..ඒ ඇත්ත
අපිට වඩා ඔයාගේ අම්මාට තේරෙනවා. අම්මා ඉන්න තැන ගැන
මටත් හොඳට තේරෙනවා. මොකද මමත් එහෙම වෙලා ජීවිතයෙන්
හෙම්බත් වෙච්ච මනුස්සයෙක් නිසා” මේඝ ඔහේ කතාකළා.
“ම..මට ඔයා කියන ඒවා දැන් හිතන්න බයයි අයියේ.. මොකද
එතකොට මට මේ දැනෙන සැනසීම නැතිවෙයි. ඔයාට බැරිද ඔය
හැමදේම මට ඉස්සරහ දවසකදී කියන්න? එතකල් ඔයාට පුළුවන්ද
මේ වගේ මගේ අතක් අල්ලගෙන හෙමිහිට මෙහෙම ඇඟිලි එහා
මෙහා කරන්න? තව පුළුවන් නේද මගේ කොණ්ඩේ අස්සෙන් මේ
විදියට ඔයාගේ නහය තියාගෙන ඉන්න” විහේලි අඩුම ඔළුවවත්
උස්සන්නේ නැතිව ඒ ඉරියව්වෙන්ම අහද්දී මේඝ ඉබේම ගොළු වුණා.
පමාවී පිපුණු මල්
“ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා
හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම්
මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට
ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන
එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු
ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට
ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ
දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන.
අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක්
වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ
තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”