දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක
නිසලව තිබූ උදය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී
ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ
යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ
රෝම කූප කෙළින් වූ තරම්ය.
“කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?”
ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා
දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස
තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට
සළකුණක් නැත.
“ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?
එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිදු
හැලහොල්මනක් නොතිබු නිසා රාජාගේ සිතට අමුතුම
බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.
ඔහු කොයිකයටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන්
සිහි කරගෙන පාරට බරව තිබු ලොකු සමන් පිච්ච
ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට
මුහුණ දීමට සිතාගෙන ය.