“අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපට අහිමි වුණොත් ඒ අහිමිවීමේ
වේදනාව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා
එයා අප ළග දැවටෙමින් ඉන්නවා කියල. අපා ළග හොල්මන් කරමින්
ඉන්නවා කියල. ඒ නිසා ගොඩක් අය කියනවා “එයා මැරුණට මැරිලා
නැහැ. අප ළග ඉන්නවා වගේ දැනෙනවා” කියල. හැබැයි අපට
සාමානය ජීවිතයක් ගතකරන්න බැහැ අර මැරුණ කෙනා අප
ළග ඉන්නවා කියල හිතුවොත්. ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා
අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා.
වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.
හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ
ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා.එයාලගේ අහම පිළිගන්නේ
නැහැ ඒ ආදර වස්තුව නැති උණා කියල.එයාල සයිකෝටික විදියට
නැතිවු වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා. අර අහිමි
වූ කෙනා නැවත ඇවිල්ලා අප කොහේට ද යා යුත්තේ. කුමක්ද කළ
යුත්තේ කියල අවවාද කරනකම්. මග පෙන්වනකම් බලාන ඉන්නවා.
මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සිටීමක්..
හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්‍යයන්
පෙනෙන්න ගන්නෙත්…” |