“මෙකල නිවුණු ඇත්තෝ” අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු පොතකි. මෙහි දේශකයන් වහන්සේලා සඳහන් කළ ලෙස ම උන්වහන්සේ ලෝකය කෙරෙහි හැසිරුණ සැටියෙන්, විශ්වය ඉක්මවා නිවී ගිය කෙනෙකු ලෙස හැඳින්විය හැකි ය.
ඒ සත්‍යතාව තේරුම් ගන්නට උන්වහන්සේ ලියූ සියලු දහම් පොත් ඔබට උපකාරි වනු ඇත.