Product Tag: මහින්ද කුමාර දළුපොත

මහින්ද කුමාර දළුපොත

Showing all 4 results

Show:

ALIDOLE – අලිඩෝලේ

Highlights:

අලි – මිනිස් ගැටුමට

මුතුන් මිත්තන් සතු

අත්දැකීම් ඔස්සේ

සැබෑ උත්තරයක් සොයන

යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ

පරිසර ගවේෂණය….

මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.

කමතේ වගතුග ( උරුමය 04 )

Highlights:

කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.

වී බිස්ස ( ජනශ්‍රැති පර්යේෂණය )

Highlights:

‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්‍රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්‍රැති පර්යේෂණයයි.

ප්‍රස්තාව පිරුළු හා ආප්තෝපදේශ

Highlights:

ප්‍රස්තාව පිරුළු කතන්දර රසවත් ය. එම රසැති පිරුළු කතන්දර ඇසිම, රසවිදීම හා කියවිම මගින් ලැබෙන ජීවිතාවබෝධය ඉහළ ය. එමෙන්ම අවස්ථාවෝචිත ලෙස ප්‍රස්තාව පිරුළු භාවිත කිරීමේ හුරුකම ද මේ මගින් ඇති වේ.

ආප්තෝපදේශ යනු උපදේශාත්මක කියමනකි.ඒවාද පිරුළු මෙන් ඉතා රසවත් ය. එහි ගැබ් වී තිබෙන ජීව ගුණය ඉතා ඉහළ ය.අනෙක් අතට ආප්තෝපදේශ මගින් ඉතා සැකවින් ගැඹුරු ජීවන දර්ශනයක් එකවර අවබෝධ කරවයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping